13 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Spread the love

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ. ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරුවී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවය. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුට හෘදයාබාධයක් ද වැළඳී ඇති බවය. එම පුද්ගලයා නුගේගොඩ පදිංචිකරුවෙකි.

RSL

Related Posts