හෙට සිට රජයේ ආයතනවල සේවයට කැඳවිය යුතු ආකාරය ගැන දැනුම්දීමක්

Spread the love

හෙට (09) දින පෙ.ව. 5.00ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සේවයට කැඳවිය යුත්තේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම අවම කාර්යය මණ්ඩල පමණක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා මෙම පියවර ගතයුතු බව සදහන් කළ රත්නසිරි මහතා ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන පිරිස් සම්බන්ධයෙන් තීරණය කළයුතු බව සෙසු කාර්යය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී සිදුකළ යුතු බවද සඳහන් කළේය.

RSL

Related Posts