සුළු සේවකයින් පත් කිරීමේ ‘ඇමති අභිමතයට’ වැට බඳී

Spread the love

මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනයවල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේෙ අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බවයි.

අභ්‍යන්තර උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතු බවත් අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් අදාළ සේවා සපුරාගැනීමට කටයුතු කළ යුතු බවත් ආටිගල මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම නියෝගය චක්‍රෙල්ඛයක් මගින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.ෙ

RSL

Related Posts