සුදු සීනිවල මිල අඩු කළේ කසිප්පුකාරයින් පිනවන්න ද ?

Spread the love

මේ මිල වාසිය සම්පූර්ණයෙන් හොර කසිප්පු සහ සීනි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයින්ට ලැබෙන ඍජු සහනයක්. මේ සීනි අඩු කළා කියලා අද සිට හෝටලයේ ප්ලෙන්ටියේ මිල අඩුවෙන්නේ නැහැ. ඒකත් මුදලාලිට‘

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නියෝග අංක 71ත් ඊයේ (10) වැනිදා ක්‍රියාවට නැංවීය. ඒ සුදු සීනි අලෙවිය සම්බන්ධයෙන් නියෝග පනවමිනි.

එහි සදහන් වූයේ පැකට් කළ සිදු සීනි කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 90.00ක්, පැකැට් නොකළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00ක් සහ ආනයනකරු විසින් සුදු සීනි කිලෝවක් විකිණිය යුතු උපරිම තොග මිල කිලෝවක් රුපියල් 80.00ක් වශයෙනි.

සහල්- පරිප්පු – සැමන් සේම ‘අත්‍යවශ්‍ය භාණ්ඩයක්‘ ලෙස නාමකරණය කර ඇති සුදුසීනි මිල මේ ආකාරයෙන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් රුපියල් 85.00 දක්වා ස්ථාවරව තබා ගැනීම පාරිභෝගිකයින්ගේ පැත්තෙන් ‘යහපත් / සහනයක් ලෙස ආණ්ඩුව සලකනවා විය හැකිය.

ජනතාව ද ‘මේ කොරෝනා සමයේ ආණ්ඩුව දුන් තවත් සහනයක් ලෙස‘ සුදු සීනී මිල පහළ දැමීම‘ හෝ එය විකිණිය හැකි උපරිම මිලක් නියම කිරීම සැලකිය හැකිය.

එහෙත් මේ ලියුම්කරුට මේ සමග ප්‍රශ්න කිහිපයක් ඇති වූ අතර සුපුරුදු ලෙස දුරකථන හා මුහුණු පොත හරහා කළ ‘ක්ෂණික මත විමසුමකදී‘ මේ සුදු සීනි මිල පහළ දැමීමේ සහනය ගැන මිශ්‍ර ප්‍රතිචාර පළ වුණා.

මේ ආකාරයෙන් සුදු සීනි මිල ‘දැරිය හැකි හෝ ලාබ තත්ත්වයකට පත් කිරීම ඒ සියලු ප්‍රයත්නයන් අපතේ හැරීමක්. ඇත්තටම කළ යුත්තේ සුදු සීනි අත්‍යශ්‍ය ආහාර ලැයිස්තුවෙන් පවා ඉවත් කර එහි මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා ඕනෑම ආකාරයක සුදු සීනි භාවිතය අධෛර්යමත් කිරීමයි‘

Sugar & Children with Attention Issues | Discover Brillia

සුදු සීනී කියන්නේ යක්ෂයෙක්

එහිදී ලියුම්කරුගේ වෛද්‍ය මිත්‍රයෙක් සහ ආහාර ගැන වඩාත් වැඩියෙන් කල්පනා කරන උපාධිධාරී තලයේ මිතුරියන් කිහිප දෙනකුම විමසා සිටියේ ‘සුදු සීනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් විය හැකිද ? ‘ යනුවෙනුයි.

සුදු සීනි කියන්නේ පැහැදිලිව ඕනෑම වයස් කාණ්ඩයක් විසින් බැහැර කළ යුතු දෙයක්. එය දියවැඩියාවට වගේම දත් දිරායාම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට හේතුවක්. අනික වෛද්‍යවරුන් විසින් පසුගිය කාලය පුරාම සුදු සීනි භාවිතය අධෛර්යමත් කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටිනවා. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් ඍජු සහාය ලැබෙනවා. මේ ආකාරයෙන් සුදු සීනි මිල ‘දැරිය හැකි හෝ ලාබ තත්ත්වයකට පත් කිරීම ඒ සියලු ප්‍රයත්නයන් අපතේ හැරීමක්. ඇත්තටම කළ යුත්තේ සුදු සීනි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් පවා ඉවත් කර එහි මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා ඕනෑම ආකාරයක සුදු සීනි භාවිතය අධෛර්යමත් කිරීමයි‘

ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් වගේම දියවැඩියාව ආදි බෝ නොවන රෝග ගැන අඛණ්ඩව ජනතාව දැනුවත් කරමින් සිටින මගේ මිතුරා සේනක මද්දුවආරච්චි දීර්ඝ ෆෙස්බුක් සටහනක් තබමින් කිව්වා.

ඔහුගේ පෝස්ට් එකට විනාධි කිහිපයක් තුළ ඉතා ඉහළ මට්ටමේ ධනාත්මක ප්‍රතිචාර ලැබුණා.

ඇත්තටම සීනි කියන්නේ තව දුරටත් ගෘහ ඒකකයක අත්‍යවශ්‍ය භාණ්ඩ පැස තුළ ඇති දෙයක් නෙමෙයි. අපේ ගෙදරට ගේන සීනිවලින් 75%ක් පාරිභෝජනය කරන්නේ මගේ සැමියා. මම සියයට 20ක් විතර කන කොට මගේ නව යොවුන් දියණිය තේ හෝ කිරි පවා පානය නොකර අවම වශයෙන් 5%ක් විතර තමයි සීනී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ගෘහ ඒකක මට්ටමින් සුදු සීනිවල ඍජු භාවිතය (තේ හෝ කිරි සමග) දැන් විශාල වශයෙන් අඩු වෙමින් තිබෙනවා‘

සෞඛ්‍ය හා පෝෂණවේදය ගැන වඩාත් සංවේදී මාගේ ගුරු මිතුරියක් වන ප්‍රියංකා ජයකොඩි සදහන් කර තිබුණේ ඇය සතු සංඛ්‍යා ලේඛන ද උපුටා දක්වමින්.

‘ඔයාට දැන ගන්න එක්ක මං ආසන්න වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති සංඛ්‍යා ලේඛන උපුටා දක්වන්නම්. මං ගාව දැන් තියෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 දී නිකුත් කළ සංඛ්‍යා ලේඛන. සංඛ්‍යාන දත්ත අත්පොත -2018 (පිටුව 34 දක්වන ආකාරයට 4.6 Average Monthly Household Expenditure on Selected Foods Items) දක්වන ආකාරයට 2009/ 10 කාලයේ ගෘහ ඒකකය සාමාන්‍ය මාසික සීනී පාරිභෝජනය කිලෝ 4.9ක්. එහි මාසික විදයම රුපියල් 452ක්. 2012/13 දී සීනි පාරිභෝජනය කිලෝ 4.3 දක්වා (මිල 459.00) අඩු වෙලා තිබෙනවා. 2016 දී ගෘහ ඒකකයක සීනි පාරිභෝජනය කිලෝ 4.00 දක්වා (මිල රුපියල් 418.00) දක්වා තව දුරටත් අඩු වෙලා තිබෙනවා. ඒ අනුව 2020 වන විට මේ අගය තවත් අඩුවෙලා තිබිය යුතුයි. මේ අඩුවීම අපට සැලකිය හැකි වන්නේ මේ රටේ සෞඛ්‍ය අංශ සුදු සීනි පාරිභෝජනයට එරෙහිව ගෙන ගිය අරගලයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙසයි‘ ඇය සංඛ්‍යා ලේඛණ උපුටා දක්වමින් සදහන් කරනවා.

‘ඔබට මෙහිදී පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි 2016 දක්වා සීනි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 100.00කට වඩා වැඩි (2016 දී එය 418/4 = 104.50ක්) ඉහළ මට්ටමක පැවතීම. මෙය ද සීනි පාරිභෝජනය ඍජුව අධෛර්යමත් වීමට හේතු වුණා විය හැකියි. එසේ නම් දැන් (2020) දැවැන්ත වසංගත රෝග අවධානමක් තිබියදී, දියවැඩියාව වැනි ප්‍රතිශක්තිකරණය දුර්වල කරන රෝග කොවිඩ් වසංගතයට දැඩි සහායක් පළ කරද්දී ආණ්ඩුව සුදු සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 85.00 දක්වා අඩු කිරීම අපි තේරුම් ගත යුත්තේ කෙසේද ?‘ ඇය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළා.

මෙහිදී ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙක් කියා සිටියේ ‘ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛණ අනුව නිවසක සාමාන්‍ය සීනි පාරිභෝජනය කිලෝ 04ක් පමණ නම්, ඒ සදහා වැඩ වෙන්නේ රුපියල් 400ක් වාගේ ‘නොසැලකිය යුතු‘ මුදලක් නම් මේ ආකාරයෙන් සුදු සීනි මිල අඩු කිරීම පිටුපස වෙනසත් ‘සැගවුණු න්‍යාය පත්‍ර“ තිබිය හැකි බවයි.

‘මේක පැහැදිලිවම මේ රටේ දුප්පත් / අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලෙස කළා නම් අපි ඒක සලකන්නේ දුප්පතුන්ට කළ හූනියමක් විදිහටයි. මොකද ලංකාවේ දියවැඩියාවට ගොදුරු වෙලා ඉන්න අති බහුතරය අඩු ආදායම්ලාභීන්. ඒ නිසා සුදු සීනි මිල රුපියල් 85.00 දක්වා පහත දැමීම ඔවුන්ට කරන අපරාධයක්‘

මුහුණුපොත හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කළ පුද්ගලික අංශයේ මිතුරෙක් වන ගයාෂාන් ප්‍රානාන්දු සිටියේ මේ ආකාරයෙන් සීනි මිල පහළ දැමීම අඩු ආදායම්ලාභීන්ට කෙසේ වෙතත් ‘හොර කපිප්පු මුදලාලිලාට‘ සහ රසකැවිලි බේකරි නිෂ්පාදනවල නිරත වන ව්‍යාපාරිකයින්ට නම් ‘සහනයක් බවයි.

Suffering from diabetes? Five apps to help you manage your lifestyle better  - The Economic Times
මේක පැහැදිලිවම මේ රටේ දුප්පත් / අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලෙස කළා නම් අපි ඒක සලකන්නේ දුප්පතුන්ට කළ හූනියමක් විදිහටයි. මොකද ලංකාවේ දියවැඩියාවට ගොදුරු වෙලා ඉන්න අති බහුතරය අඩු ආදායම්ලාභීන්. ඒ නිසා සුදු සීනි මිල රුපියල් 85.00 දක්වා පහත දැමීම ඔවුන්ට කරන අපරාධයක්‘

ලංකාවේ සීනී ආනයනය සහ පාරිභෝජනය ගැන නිල දත්ත

මේ සංවාදය මේ ආකාරයෙන් ඉදිරියට යද්දී මගේ ගුරු මිතුරිය යළිත් සංඛ්‍යා දත්ත පොත පෙරළා ගෙන තිබුණා.

‘කතාව ඇත්ත. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගෘහ ඒකකයක (2016) මාසික සීනි පාරිභෝජනය කිලෝ 4ක් නම් මෙතැන අවුලක් තිබෙනවා තමයි. ලංකාවේ පවුල් ලක්ෂ 50ක් පමණ සිටිනවා යැයි උප කල්පනය කළොත් (2017 මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.44 සාමාන්‍ය පවුලක සිවු දෙනෙක් සිටින ලෙස බෙදීමෙන්) වාර්ෂික සීනි පාරිභෝජනය (50,000,00 x4 x12=240,000,000/1000 = 240,000ක්) මෙට්‍රික් ටොන් 240,000ක් පමණ විය යුතුයි. (මෙට්‍රික් ටොන් එකක් යනු කිලෝ 1000කි) මේක සංඛ්‍යා ලේඛන හරිනම් ලංකාවේ සාමාන්‍ය යෙන් ගෘහ ඒකකවල සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000ක් !

ඒත් ඔබ විශ්වාස කරනවාද ලංකාව 2017දී සීනි මෙට්‍රිික් ටොන් 483,234ක් ආනයනය කර තිබෙන බව. මේ අගයට ලංකාවේ සීනි නිෂ්පාදනයත් එක්කළ විට ලංකාව තුළ 2017 දී අවම වශයෙන් සීනි මෙට්‍රිික් ටොන් 500,00කට වඩා වැඩි ප්‍රමාණයක් විවිධාකාරයෙන් පාරිභෝජනයට ගෙන තිබෙනවා. (2016 දී සිනී මෙට්‍රික් ටොන් 638,631ක් ආනයනය කර තිබෙනවා)

අපේ ප්‍රශ්නය තමයි පවුලක සාමාන්‍ය මාසික සීනි පාරිභෝජනය කිලෝ 4ක් වන විට, සාමාන්‍ය කරණය කළ විට වාර්ෂිකව ගෘහ ඒකකවල සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000ක් පමණ වන විට රට තුළට ගෙන ආ සහ මෙරට නිෂ්පාදනය කළ ඉතිරි සීනි මෙට්‍රික් ටොන් 260.000ට සිදු වුණේ කුමක්ද ?

එය ඉතාම පැහැදලිවි රස කැවිලි වැනි කර්මාන්ත අතරේ (අන්තර් භාණ්ඩයක් ලෙස) සහ හොර කසිප්පු ජාවාරම්කාරයින් අතරේ සංසරණය විය යුතුයි.

අපේ ප්‍රශ්නය තමයි පවුලක සාමාන්‍ය මාසික සීනි පාරිභෝජනය කිලෝ 4ක් වන විට, සාමාන්‍ය කරණය කළ විට වාර්ෂිකව ගෘහ ඒකකවල සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000ක් පමණ වන විට රට තුළට ගෙන ආ සහ මෙරට නිෂ්පාදනය කළ ඉතිරි සීනි මෙට්‍රික් ටොන් 260.000ට සිදු වුණේ කුමක්ද ?

මිල පාලනයේ වාසිය කාටද ?

‘මේ ගැන තවත් වද විය යුතු නැහැ. මාසකට රුපියල් 400ක් පමණ වැයකර සීනි කිලෝ 4ක් ගෙදරට ගේන, ඒකත් වාර්ෂිකව සැලකිය යුතු ලෙස අඩුවන ලංකාවේ සාමාන්‍ය ජනතාවට සීනි අඩුකළා කියලා අලුතින් ලැබෙන වාසියක් හෝ සහනයක් නැහැ. මේ මිල වාසිය සම්පූර්ණයෙන් හොර කසිප්පු සහ සීනි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයින්ට ලැබෙන ඍජු සහනයක්. මේ සීනි අඩු කළා කියලා අද සිට හෝටලයේ ප්ලෙන්ටියේ මිල අඩුවෙන්නේ නැහැ. ඒකත් මුදලාලිට‘ මගේ වෛද්‍ය මිතුරා සංවාදයට යළි එක් වෙමින් පවසා සිටියා.

‘සීනී භාවිතය සෑම අතින්ම අධෛර්යමත් කළ යුතු රටකයි අපි ඉන්නේ. කොවිඩ් වාගේ වසංගත සමාජය පුරා, විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් අතර (වැඩියෙන්ම කොවිඩ්වලට ගොදුරු වුණේ අඩු ආදායම්ලාභීන්) වේගයෙන් ව්‍යාප්ත වීමට ඔවුන්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය, අඩු පෝෂණය වගේම නිදන්ගත රෝග (දියවැඩියාව) බලපානවා. සෞඛ්‍ය අංශවල වාර්තා අනුව ලංකාවේ මැදිවියේ පුද්ගලයින් අතරත් දියවැඩියාව සහ හෘද රෝග බහුලයි. ඒකට සීනී සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීම ඍජුව බලපානවා. ඒ වගේම සීනි වලින් නිෂ්පාදනය කරන කසිප්පු නිසාත් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන්. ඉතිං ආණ්ඩුව සීනි අඩු කළාම මේ අඩු ආදායම්ලාභීන් පැති කිහිපයකින් බැට කනවා‘ මගේ වෛද්‍ය මිතුරා ලියනවා.

මේ අතර තවත් අදහසක් දක්වමින් සංවාදයට එක් වූ ව්‍යාපාරික මිතුරෙක් වන තුසිත විතානවසම් ලියා තිබුණේ,

‘අනේ මහත්තයෝ මේ පාලනේ මාළුවලට, කුකුල් මස්වලට, දාන්නකෝ. දුප්පත් මිනිහෙක්ට ලාබට, රසකට කන්න තිබෙන ඒවායේ මිල අහස උසට තියෙද්දී ඔයාලා මැදිහත් වෙන්නේම හාල් – සීනි වාගේ අපිව ලෙඩ කරන ඒවාටමනේ‘ කියලයි.

මේ අතර ආණ්ඩුවේ මිල පාලනය උපහාසයට ලක් කරමින් තවත් අපූරු සටහන් ලියමින් මගේ සරසවි මිතුරෙක් වන මිළිදු සමරසේකර කතාවට සම්බන්ධ වුණා.

‘මේක නිකං කතාවක් විතරයි. හොද කොන්ඩම් පැකැට් එකක ගාණ රුපියල් 100-150යි. ඒකේ තියෙන්නේ කෑලි තුනයි. ඉතිං හරියට පවුල් කන පවුලකට මාසෙකට කොණ්ඩම්වලටත් රුපියල් 1000ක් -1500ක් යනවා. සීනීවලට යන්නේ 400යි. පුළුවන් නම් කොණ්ඩම්වලටත් උපරිම මිල පාලනයක් දාලා සමාජ රෝගවලිනුයි, අනවශ්‍ය ගැබ් ගැනීම්ලිනුයි ජනතාව මුදවා ගන්නකෝ !‘

සටහන – අසේල වීරසේකර

RSL

Related Posts