සුදු කොඩි නඩුවේ විත්තියේ නීතීඥාට අපහස කළැයි ෆෙඩ්‍රිකාට සහ සමාගමට නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

Spread the love

සුදු කොඩි නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන පරිදි එම නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය වන සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ෆෙඩ්‍රිකා ජෑන්ස්‌ මහත්මිය විසින් ද්වේෂ සහගත අයුරින් ප්‍රවෘත්ති පළ කරන්නේ යැයි පෙන්වා දෙමින් පෝල් රත්නායක නීතිඥ සමාගම මගින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අනුව‌ ඒ මහතාට රු 25,000ක නඩු ගාස්තු ගෙවන ලෙස සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියට සහ ලීඩර් පබ්ලිෂර්ස් සමාගමට ඊයේ (15සඳුදා) කොළඹ දිසා අධිකරණය නියෝගය කරන ලදි.

එක්‌සත්ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ලේක්‌හවුස්‌ සභාපතිවරයකු ලෙසත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකු ලෙසත් කටයුතු කොට ඇති මේ වනවිට පෞද්ගලිකව නීතිඥවෘත්තියේ යෙදෙන පිළිගත් නීතිඥවරයකු වන තමාට අපහාස වන පරිදි ද්වේෂ සහගතවසිදු කරන එම ප්‍රවෘත්ති පළ කිරීම්වලින් විත්තිකරුවන් හා ඔවුන්ගේ නියෝජිතයන්වළක්‌වන නියෝගයක්‌ නිකුත් කරන ලෙසත්, සිදු කළ අපහාසයට රුපියල් මිලියන දහසකවන්දියක්‌ ලබාදෙන ලෙසත් එමඟින් පැමිණිලිකරු විසින් ඉල්ලා තිබිණි.

එමෙන්ම ඊයේ (15 සඳුදා) දිනයෙන් අවසන්වන පරිදි නිකුත් කොට තිබූ වාරණ නියෝගය අධිකරණය විසින් අගෝස්තු 29 වැනිදා දක්වා දීර්ඝ කරන ලද අතර විරෝධතා ඇත්නම් එදිනට අධිකරණය හමුවේ ගොනුකරන ලෙසද වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කරන ලදී.

නීතිඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස්‌ පරිදි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා, නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ එරාඡ් ද සිල්වා සහ ශානක කුරේ යන මහත්වරුන් මෙම නඩුවේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

RSL

Related Posts