සිංහරාජය ආශ්‍රිත මාර්ගයේ ඉදිකිරීම නැවතී නැහැ – බන්දු රංග කාරියවසම්

Spread the love

ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩ සටහන් කළමනාකරු බන්දු රංග කාරියවසම් මහතා චෝදනා කර සිටින්නේ පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත මාර්ගය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවන ලෙස නියෝග කර ඇතත් එය තවමත් අත්හිටුවන නැත යන්නයි.
සිංහරාජ වනාන්තරය අනතුරට ලක්වූ ස්වභාවික ලෝක උරුමයක් ලෙස පත්කළ යුතු බව යුනෙස්කෝ ලෝක උරුම ලේකම් කාර්යාලයට යෝජනා කරන බවත් පවසන හෙතෙම සිංහරාජය තුළ සමස්ත ඉඩම් ප‍්‍රමාණයෙන් 89% ක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවත්, එය රැක ගනිමින් රක්ෂිත තත්ත්වයට පත් කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යුතුකම බව ද පැවසීය.
මාර්ගය ඉදිකිරීම නැවැත්වීම හා නිර්දේශ වී ඇති පරිදි සිංහරාජ කළමනාකරණ සැලැස්මට අයත් ප‍්‍රදේශ සංරක්ෂිත වනාන්තර තත්ත්වයට පත්කිරීම ප‍්‍රමාද බවද කාරියවසම් ඒ මහතා කීය.


RSL

Related Posts