සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ගිවිසුම් අත්සන් කිරීම අද

Spread the love

මෙරට ඉදිකෙරෙන දෙවැනි ගල් අඟුරු බලාගාරය වන සාම්පූර් ගල් අඟුරු බලාගාරයට අදාළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ගිවිසුම අද (06 සැප්.) පෙරවරුවේ අස්සන් කෙරේ.

මෙගාවොට් පන්සියයක ධාරිතාවකින් යුතු මේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී (2012) ආරම්භ කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය 2017 වසරේදී අවසන් කිරීමට සැලැසුම් කර ඇත.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය සඳහා වැයවන මුදල ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම මට්ටමින් දැරීමට තීරණය කර ඇති අතර, මේ බලාගාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ නව ගමනක් සඳහා අතිශය ඉවහල් වනු ඇත.

සාම්පූර් බලාගාරය ඉදිකිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලි චම්පික රණවක මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි වෙති.

RSL

Related Posts