සහල් මාෆියාවට මුහුණ දෙන්න කෘෂිකර්ම ඇමතිගෙන් නව සැලසුම්

Spread the love

එක් එක් ආයතන තනි තනිව ක්‍රියාකිරීමෙන් ගොවියාත්, පාරිභෝගිකයාත්, රජයත් අපහසුතාවයට පත්වන ක්‍රියාදාමයට වහාම තිත තැබිය යුතු බවත් අදාළ රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළේය.

News image 02

සහල් හිගයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට විටින් විට ඇතැම් පිරිස් සිදුකරන මාෆියාවන් පාලනයට වහාම විසදුම් සෙවීමට විශේෂ රැස්වීමක් පසුගිය 05 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් විණි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන්, පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධානීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මේ සදහා සහභාගී වූහ.

සහල් ආනයනය කිසිසේත් නොකළයුතු බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණයක සිටින බවත් වහාම ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය.

ලබන පෙබරවාරි මාසය දක්වා මෙරට පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂාපාදනයට අවශ්‍ය වී පසුගිය කන්නයේ නිෂ්පාදනය කොට ඇති බව පැවසු අමාත්‍යාවරයා අවස්ථාවාදී මාෆියාව විසින් සහල් හිගයක් සහ මිල වැඩිකිරීම සිදුකරන බවයි මෙහිදී පෙන්වා දුන්නේය.

මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් සෘජුව වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගතයුතු බවත් ඊට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

News image 03

ඊට රාජ්‍ය නිලධාරීන් ලෙස ඒකාබද්ධව සම්බන්ධීකරණය වෙමින් විධිමත්ව ප්‍රායෝගිකව මුහුණ දිය යුතු බව මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් සෘජුව වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගතයුතු බවත් ඊට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගබඩා ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපාදන වහාම වෙන්කිරීමත් එම කටයුතු සදහා යුධ හමුදාවේ සහාය ලබාගැනීමටත් මෙහිදී තීරණය විය.

එසේම රටේ අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනයට පියවර ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා පුරන් කුඹුරු අස්වැද්දීමට ගොවි ජනතාව උනන්දු කරවීමෙන් එම අරමුණු කරා ළගාවිය හැකි බවද පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වයට වඩා 25% කින් වී නිෂ්පාදනය ඉහළ දැමීමේ සාර්ථක සැලසුමක් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී තීරණය විය.

රෝහල්වලට, ත්‍රිවිධ හමුදාවට, බන්ධනාගාර වලට ඇතුළුව නිෂ්චිතව හඳුනාගත් අලෙවි ක්‍රමවේදයක් තුළ වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා අතිරික්ත වී සහල්කොට ලබාදිය හැකි බව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

වී මිලදී ගැනීමේ දී ප්‍රවාහන පහසුකම් ගැන වැඩි අවධානයක් යොමුකර ගොවි ජනතාව අපහසුතාවට පත්නොවන පරිදි ප්‍රායෝගිකව ක්‍රියාකරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා අදාලළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

News image 06

මේ පිළිබඳ වූ සැලසුම් සහගත වැඩපිළිවෙළ එළඹෙන සතිය තුළ ලබාදිය යුතු බවත් මන්දගාමීව ක්‍රියා නොකර කාර්යක්ෂමව වැඩ කළ යුතු බවත් මෙම විශේෂ සාකච්ඡාවේ දී අවධාරණය කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජය නොමිලේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරන බැවින් එම ගොවීන්ගේ වී මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගැනීමෙන් ගොවියාත් / පාරිභෝගිකයාත් ආරක්ෂා වන බව ද සදහන් කළේය.

ඵලදායී අස්වැන්නක් සදහා සාර්ථක බිත්තර වී ගොවීන් අතට පත්කිරීමට පියවර ගැනීම අදාළ නිලධාරීන්ගේ වගකීම බවත් ඊට අවශ්‍ය පහසුකම් ගොවීන්ට සැපයිය යුතු බවත් අවධාරණය කළ අමාත්‍යවරයා පොහොර ලබාදීම, බිත්තර වී ලබාදීම, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම යන සියලු දේ එකට බැදුණු සම්බන්ධීකරණයකින් කළයුතු බවත් එක් එක් ආයතන තනි තනිව ක්‍රියාකිරීමෙන් ගොවියාත්, පාරිභෝගිකයාත්, රජයත් අපහසුතාවයට පත්වන ක්‍රියාදාමයට වහාම තිත තැබිය යුතු බවත් අදාළ රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළේය.

RSL

Related Posts