සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැ.කොගෙන් ‘නිවේදනයක්’

Spread the love

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට ඇතැම් ඡන්ද දායකයින් විසින් කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත දැනුම්දෙන බව ද මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

RSL

Related Posts