සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලීසියෙන් අධිපීඩක ජල ප්‍රහාර

Spread the love

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල විරෝධතා පාගමනකට අද (30) පස්වරුවේ පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩක ජල ප්‍රහාර එල්ලකලේය.

සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපාමිනි.

කෙසේ වෙතත් පොලීසිය පැවසූයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අධි පීඩක ජලප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවයි.

පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ‍ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ පහලොස්දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වෙයි.

පොලිස් ප්‍රහාරයෙන් තුවාල වූවන් අතර අත් සහ පාද වල අස්ථි බිඳුම්, ඔළු පැලීම් නිසා තුවාල වූවන්ද සිටින අතර ඔවුන් අවට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

2012 අයවැයට විරෝධය දැක්වීමේ අරමුණින් මෙම විරෝධතාව කල බව සංවිධායකයින් පවසයි.

විරෝධතාකරුවන් පැවසුවේ පාගමන කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා ගමන් කිරීමට අපේක්ෂාවෙන් සිටි බවයි. නමුත් පොලීසිය විසින් බාධා කිරීම නිසා මුදල් අමාත්‍යාංශය වෙත යාමට නොහැකි වූ බවද උද්ඝෝෂකයින් පැවසීය.

කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණේ කොළඹ, කොටුව ලේක්හවුස් වටරවුම අසලදීය.

RSL

Related Posts