සති තුනකට කොළඹ මහ නගරය සභා සීමාව වසා දමන ලෙස පුරපතිනිය ඉල්ලයි

Spread the love

ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි‘

මෙහෙම කියන්නේ කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

එහිදී වැඩි දුරටත් තම අදහස් පළ කරමින් පුරපතිනිය කියා සිටියේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන වැඩිහිටි ජනගහනය ඉහළ බවත් කොවිඩ් වසංගතයෙන් ඔවුන් බේරා ගැනීමේ හැකියාවක් තිබේද යන්න අද ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

කොවිඩ් සමග ජීවත්වෙනවා යනු කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත් වීම නොවන බවත් කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතු බවත් මෙහිදී රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය,

” අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ‘

RSL

Related Posts