සති අන්තයේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි

Spread the love

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සති අන්තයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස වසා තැබීමට නියමිතයි.

මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts