සත්වෝද්‍යාන සේවකයන්ගේ සැබෑ තත්ත්වය ගැන ශර්මිලාගෙන් අනාවරණයක්

Spread the love

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවත්වගෙන යාමේ වගකීම් ගත අරමුණුවලින් එහි සේවය කරන රාජ්‍ය නිලධාරීන් බැහැරව ඇතැයි එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් හේතුවෙන් පසුගිය කාලයේ දී එහි රාජකාරී කටයුතුවලින් රාජපක්ෂ මහත්මිය ඉවත්ව සිටියේය. නමුත් මේවන විට එහි අදාළ පරීක්‍ෂණයන් හි කටයුතු අවසන් කර විමර්ෂන වාර්තාව අතේ තබා ගෙන වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා, මේ ගැටලුව සම්බන්ධයෙන් විසදුමක් ලබා ගැනීමට ඉහළ සිටින තමන්ගේ යහළුවන්ගෙන් උදව් ඉල්ලා සිටින්නැයි තමන්ට පැවසීම ගැටළු සහගත යැයි රාජපක්ෂ මහත්මිය කීය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය පිළිබඳ ඇය අද(24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සදහන් කළාය.

අපේ රටේ ආයතන සංග්‍රහයක් පවතින බවත් එසේම විමර්ෂණ වාර්තාවක් මෙම සිද්ධි සම්බන්ධයෙන් ලැබී ඇති බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම ලැබී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සිදු කළ ස්වාධීන කමිටුවේ අතුරු වාර්තාව මාර්තු මස 13වනදාත් තමිටුවේ අවසන් වාර්තාව මාර්තු මස 16වනදාත්දා ලැබී ඇත. නමුත් අද වන තුරු එම වාර්තා දෙකෙන් එකක් හෝ තමන් වෙත ලබා දීමට අමාත්‍යංශ ලේකම්වරයා අපොහොසත් වී ඇතැයි ශර්මිලා රාජපක්ෂ මහත්මිය සදහන් කළාය.

එසේම විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවන්හිදී තමන්ට ප්‍රත්‍යක්‍ෂ වූයේ ඔවුන් මෙම වාර්තාවේ සදහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයැයි ඇය පැවසුවාය.

මේවන විට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් ආයතන තුළ පවතින්නේ භීෂණකාරී තත්ත්වයක් බවත් ඇතැම් කණ්ඩායම් විසින් නිලධාරීන්ට පහරදීම් සිදු කරන තත්ත්වයක් පවතින බවත් ඇය අවධාරණය කළාය. ඊට අදාළ විඩීයෝ දර්ශන කිහිපයක් ද මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රදර්ශනය කෙරුණි.

තමන් සත්වෝද්‍යාන ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කර ගැනීමට මහා භාණ්ඩාගාරය සමඟ එක්ව වැඩපිළිවෙලක් සිදු කළ බවත් එයට අනුමැතිය ලැබුණු බවත් එසේම විදේශිකයන්ගෙන් ඩොලර් ලෙස ගාස්තු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ බවත් ඇය මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළාය.

Related Posts