විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ගවලට අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට අවස්ථාව සැලසී ඇතැයි වාර්තා වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට මේ අවස්ථාව උදා කර ගැනීමට හැකිවී ඇති බව සඳහන්.
නිශ්චිත කෙටි කාල සීමාවක් යටතේ සේවය කොට යළි පැමිණි පසු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවාවන්හි නියුතු වූවන් වෙත මේ රැකියා අවස්ථා හිමිවන බවත් මෙතෙක් කල් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස රැකියා සඳහා ගියද අදාළ ක්ෂේත්‍රයන්හි ව්‍යවසායකයන් ගේ අනුග්‍රහය යටතේ පුහුණු ශ්‍රමිකයින් ලෙස යළි අවස්ථාව ලැබී තිබෙන බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
Loading...