ශ්‍රී ලාංකික අන්තර්ජාල සමාගම් තම මඩිය තරකර ගැනීමේ උත්සාහයක

Spread the love

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටින අවස්තාවක ශ්‍රී ලාංකේය සන්නිවේදන සේවා සපයන සමාගම් තමන් විසින් සිදුකරගෙන යනු ලබන මාෆියාව තරකරගැනීමට කටයුතු කරන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇත.

විශේෂයෙන්ම මින් පෙරද සන්නිවේදන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන දත්ත මාෆියාව සම්බන්ධයෙන් අප සංගමය අවධාරණය කරන ලදී. කොරෝනා වෛරසයේ පැතිරීමට ශ්‍රී ලංකාව මුහුණදී සිටින අවස්තාවක තම පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීම පසෙකදමා තම මාෆියාව සිදුකරගෙන යාමට කටයුතු කරන සන්නිවේදන සමාගම් වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරමු.

මෙම ආපදා අවස්ථාවේදී දුරකථන සහ අන්තර්ජාල සේවා සදහා යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා ලෙස අප සංගමය රජයෙන් ඉල්ලා සිටිමු.

සන්නිවේදන සේවා සපයන ආයතන නියාමනය කිරීමට තිබෙනා රාජ්‍ය ආයතන සන්නිවේදන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන මාෆියා නොදැක්කා සේ සිටීම පාරිභෝගිකයන්ට සිදුකරනා බලවත් අසාධාරණයක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට දැනුම් දෙමු.

RSL

Related Posts