ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය පහළට

Spread the love

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂව 2019 වසරේ දී 0.802 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

සංචාරක හා ඒ ආශ්‍රිත කර්මාන්ත කෙරෙහි පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් ඇති වූ බලපෑම මත විරැකියාව ඉහළ යෑම සහ 2019 වසරේ අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කොටගෙන සාපේක්ෂව ඉහළ උද්ධමනයක් වාර්තා වීම, ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂාව පිළිබඳව ඇති වූ අවිනිශ්චිතතාවය සමඟ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතය අඩු වීම, සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය විය.

සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය සහ මහජනතාවගේ වත්කම් යන අංශවල ඉහළ වර්ධනය, ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයේ ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක විය.

RSL

Related Posts