ශ්‍රී ලංකාව රුපියලේ අගය අවප්‍රමාණය කිරීම සඳහා ගනු ලැබූ තීරණය නිවරදි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කොෂි මාතායි පවසන්නේ, මෙය අපනයන තරගකාරීත්වයේදී දිවයිනට හිතකර තීරණයක් බවයි.
එසේම එය මධ්‍ය කාලීනව සැලකීමේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දෙයි.
2012 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ, ප්‍රකාශ කරනු ලැබුවේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 3%කින් අවප්‍රමාණය කරන බවයි.
Loading...