ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂ හිඟය උග්‍ර වේ

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව සෘණ අගයක් පවතින ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂ හිඟය වසර 2009 හා 2010 යන කාල පරාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3122 සිට 5205 දක්‌වා වැඩි වී ඇත.
මේ කාල සීමාව තුළ ආහාර ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් 1246 සිට 1641 දක්‌වා වර්ධනය වී ඇති අතර වෙනත් පාරිභෝගික භාණ්‌ඩ ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 725 සිට 1225 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.
විදෙස්‌වලට ඇදී යන ධනස්‌කන්ධය අවම කරගැනීම සඳහා ඇති හොඳ උපාය මාර්ගයන් වන දේශීය නිෂ්පාදන දිරිගැන්වීම හා ඒවාට නිසි පිළිගැනීමක්‌ ලබා දීම, එම නිෂ්පාදන උපරිමයෙන් (එහෙත් තිරසාර ලෙස) පරිභෝජනයට ගැනීම වැනි අංශයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

RSL

Related Posts