මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබද නිරන්තර අවධානයෙන්ද ශ්‍රී ලකා රජය වගවීම පිළිබඳ බැන් කී මුන්ගේ තක්සේරුව ද ලබා ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් පවසයි.
හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර නිසි වගවීමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව ද මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය ස්ථාවරත්ව යළි ප්‍රකාශ කළ යුතු බවත්ය.
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීමට අපක්ෂපාති ජාත්‍යන්තර ක්‍රමවේදයක් ද හඳුන්වා දීමේ අවශ්‍ය බවද එම ආයතනය පවසයි. ජාත්‍යන්තර නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීමට ලංකා ආණ්ඩුවට පෙළඹවීමටද මානව හිමිකම් කවුන්සිලය ක්‍රියා කළ යුතු බව ද එම වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු කළ යුතුයි – හියුමන් රයිට්ස් වොච්
Loading...