ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනී රීටා ජුලියානා සහ අගමැති මහින්ද අතර හමුවක්

Spread the love

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය අද (14) දින අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ.

ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ඇතුළු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අනාගත සහයෝගීතාව වර්ධනය කිරීමට උනන්දුවක් දක්වයි.

ඉතාලියේ  සමාගම්  රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත ආයෝජන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව තානාපතිනි ජුලියානා මැනෙල්ලා මහත්මිය පෙන්වා දුන්නාය.

සංචාරක ප්‍රවර්ධනය සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී තානාපතිනියගේ  අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 දී පිහිටුවන ලදී.  2016 දී මිලාන්හි කොන්සල් ජනරාල්වරයකු පත් කිරීම ඔස්සේ මෙම සබඳතා තවත් වර්ධනය විය.

RSL

Related Posts