ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි

Spread the love

ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා වූ  ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු  පුරප්පාඩු වූ විධායක ජනාධිපති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා  වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ  දිවුරුම්දී ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022-07-14 දින සිට  ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම  නීත්‍යානුකූල බව කතානායකවරයා විසින් අද නිවේදනය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා 1977දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් විය. දේශපාලනය පිළිබඳ පරිණත අත්දැකීම් ඇති පුද්ගලයකු වන  වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයෙකු ලෙස ද වර්තමාන අගමැතිවරයා ලෙස ද කටයුතු කරයි.

Related Posts