
බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබද මහ බැංකුවේ නිරීක්ෂණ මේ වන විට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත එවා තිබේ.
මෙම නිරීක්ෂණයන් පිළීබදව සාකච්ජා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ප.ව 02.00 ට රැස්වේ.
මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද එම කාරක සභා රැස්වීමට කැදවා තිබේ.