වෙරළේ ඉදිකිරීම් තහනම් කළත් පදිංචිකරුවන් ඉවත් කරන්නේ නෑ

Spread the love

වෙරළේ ඉදිකිරීම් තහනම් කිරීමේ නීතිය යටතේ මොනම හේතුවක් නිසාවත් මුහුදු වෙරළ ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් නොකරන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි අනිල් ප්‍රේමරත්න මහතා අවධාරණය කරයි.

1981 වෙරළ සංරක්ෂණ පනත යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බලතල අනුව මුහුදු වෙරළේ ඉදිකර ඇති අවන්හල් සහ වෙරළ පිවිසුම් මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකර ඇති තාප්ප ඉවත් කළ යුතුය. ප්‍රේමරත්න මහතා අවධාරණය කරන පරිදි වෙරළට යාබදව පදිංචි ජනතාවට සුපුරුදු පරිදි එම නිවාසවල තවදුරටත් ජීවත් විය හැකිය.

වෙරළ ආරක්ෂක පනත යටතේ මුහුදු වෙරළේ සිට මීටර 300 ක් ගොඩබිමින්ද කිලෝමීටර දෙකක් මහමුහුදින් ද අයිතිව ඇත්තේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවටය. අනවසර ඉදිකිරීම් ඉවත් කර නොගන්නා අයට දඩ ගැසීමේ නීතිමය ක්‍රමයක්ද ක්‍රියාත්මක කෙරේ.

RSL

Related Posts