වෙබ් අඩවි සම්බන්ධ නීති දැඩි වෙයි, ලියාපදිංචියට නියෝගයක්

Spread the love

ශ්‍රී ලංකාවේ වෙබ් අවඩි සම්බන්ධයෙන් දැනට පවතින නිතීරිතී දැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනූව ශී‍්‍ර ලකාව හෝ ශී‍්‍ර ලංකාවේ ජනතාව පිළිබඳව පුවත් පළකරන සියළු වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශී‍්‍ර ලංකාවේ හා ඉන් පිටත කි‍්‍රයාත්මක ඇතැම් වෙබ් අඩවි මගින් ජනාධිපතිවරයා, ඇමතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ප‍්‍රභුන් ඉලක්ක කරමින් අපහාසාත්මක පුවත් පලකරන බැවින් ලංකාව සම්බන්ධයෙන් පුවත් පළකරන සියලු වෙබ් අඩවි ලියාපිදිංචි කිරීමට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර 94112513943 ඔස්සේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) කේ.එබ්ලිව්.ටී.එන් අමරතුංග මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ දක්වා ඇත. 

RSL

Related Posts