වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව්

Spread the love

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ප්‍රසිද්ද මාද්‍ය වෙත පවසා ඇත.

වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවට ණය වාරිකයක් ගෙවීමට ඇතැයි කියා මෙම මුදල රඳවා ගෙන තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

අදාල ණය වාරිකය ගෙවීමට ඇත්තේ ලබන සැප්තැම්බර් නව වෙනිදාට බවත් ඊට කලින්ම මුදල් රඳවා ගැනීමෙන් ගොවි ජනතාවට වී සඳහා මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුවෙන් අදාල මුදල් ලබාදීමට එකඟතාව පළකර ඇති අතර එම මුදල් ලැබෙන තෙක් වී අලෙවි මණ්ඩලය සතුව තිබූ රුපියල් මිලියන 300ක මුදලක් ගොවීන්ට අදාල ගෙවීම් කිරීම සඳහා මෙලෙස රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබේ.

ගොවීන්ගෙන් කුණු කොල්ලයට වී මිලදී ගැනීම නතර කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලක් නියම කර වී මිලදී ගැනීමේ කටයුතු කරගෙන ගිය බව කී කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රකාශකයා අදාල මුදල් රඳවා ගැනීමේ ප්‍රශ්නය නිසා ඉදිරි වී මිලදී ගැනීමේ කටයුතු වලටද ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.

Related Posts