විදේශ රැකියා තැරැව්කරුවන් ලියාපදිංචි කිරීම ඇරැඹේ

Spread the love

විදේශ රැකියා එඇජන්සි ආයතන සඳහා ශ්‍රමිකයන් යොමු කරන රැකියා තැරැව්කරුවන් (නියෝජිතයන්) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි.

වයස අවුරුදු විසි එකට වැඩි තරුණයන්,විදේශ රැකියා ඒජන්සි ආයතනවලට සම්බන්ධව සිටිමින් උප නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ නම් ඒ අය සැප්තැම්බර් මස 15 වැනිදාට ප්‍රථම බත්තරමුල්ල, කොස්‌වත්ත විදේශ රැකියා කාර්යාංශය වෙත අයෑදුම්පත් යොමු කළ යුතු බවද සඳහන් වේ.

විදේශ රැකියා ප්‍රවර්ධන සහකරුවන් ලෙස මෙතෙක්‌ සේවය නොකරන අයට ද කාර්යාංශයට ඉල්ලුම්පත් යොමු කළ හැකි අතර ඒ අය ද අනිවාර්යයෙන්ම අදාළ ප්‍රදේශයේ ලියාපදිංචි රැකියා ආයතන සමග ගිවිසුමකට එළඹිය යුතු බව වාර්තා වේ.

RSL

Related Posts