විදේශ රැකියා ප්‍රවර්ධනයට විශේෂ වැඩපිලිවෙලක්

Spread the love

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරු 2022 ජූලි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා ගත හැකි මාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙය ඒ ඒ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්, කම්කරු හා විදේශ සේවා නියුක්ති අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවත්විය.

ආරම්භක දේශනය පවත්වමින් විදේශ අමාත්‍ය පීරිස් මහතා අවධාරණය කළේ විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බවත් ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික රාමුව තුළ විභවයන් ක්‍රියාශීලීව ගවේෂණය කිරීමට සියලු දූත මණ්ඩල දිරිමත් කරන බවත්ය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, රැකියා සම්බන්ධ කටයුතුවලදී පාර්ශ්වකරුවන්ගේ අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය කඩිනම් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම මුදල් ශ්‍රී ලංකාවට එවීමට දිරිගැන්වීම සඳහා දූත මණ්ඩල ප්‍රධානීන්ගේ සහාය ඉල්ලා සිටියේය.

තවද, රටේ ආර්ථිකයට විගමණික ශ්‍රමිකයන්ගේ දායකත්වය අගයමින් විශේෂ දිරිගැන්වීමේ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙන බව අමාත්‍ය නානායක්කාර මහතා අවධාරණය කළේය.

RSL

Related Posts