විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

Spread the love

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අද (04) දින සිට 08 වැනි දින දක්වා තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති අතිරේක ලේකම්වි (දේශ සබදතා) අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේය.

රජයේ මෙම තීරණය හේතු වශයෙන් කොළඹගේ මහතා දක්වා සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරී සදහා අනුයුක්ත කර සිටීම මත විදේස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළත් කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

08 වැනිදා යළි මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම සමග එක්සත් අරාබි ඒමීර් හි සහ ඩුබායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 600කට ආසන්න පිරිසක් රැගෙන එන බව ද කොළඹගේ මහතා පැවසීය.

RSL

Related Posts