ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න – රවී කරුණානායක

Spread the love

ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නැයි, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධා‍යක රවී කරුණානායක ඊයේ (21 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාද ප්‍රශ්න කර ඇති බව ඔහු පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ, කවර ආයතනයක් සහ පුද්ගලයකු යටතේ දැයි රවී කරුණානායක එහිදී විමසා සිටි අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, එය ජනාධිපතිවරයා යටතේ ඇති බවයි.

මේ අතර රවී කරුණානායක මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන අතර ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් ඇති විය.

ඒ, සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දීම කල් දැමීමත් සමගයි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලැබ ඇති අභ්‍යන්තරික තැනැත්තන් විසින් සිදුකරන ලද වංචනික ගනුදෙනු සංඛ්‍යාව පිළිබදව රවී කරුණානායක ප්‍රශ්න කළ අතර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ගීතාන්ජන ගුණවර්ධන ප්‍රකාශ කළේ, ඒ පිළිබද පරීක්ෂණ අවසන් වන තෙක් පිළිතුරු දිය නොහැකි බවයි.

එහිදී නියෝජ්‍ය අමා‍ත්‍යවරයා සහ රවී කරුණානායක මන්ත්‍රීවරයා අතර විවාධයක් ඇති වුහ.

RSL

Related Posts