ලබන 6 වැනිදාට පෙර එකඟ වූ බස් ගාස්තුව ප්‍රකාශ කරන්න – පෞද්ගලික බස් සංගම් කියයි

Spread the love

ලබන 6 වැනි දිනට පෙර වැඩි කිරීමට එකඟ වූ බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන ලෙස පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටී.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීරගෙන් අප විමසීමක් කළේය. ඔහු පැවසුවේ ඒ සඳහා වූ වැඩපිළිවෙල මේ වනවිට සකස්කෙරෙමින් පවතින බවය.

RSL

Related Posts