මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකරමින් තිබෙන සිය ඛනිජ තෙල් කැණීමේ ව්‍යාපෘතියේදී ද්‍රව හයිඩ්‍රොකාබන් සහිත ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බවත් එහි ඛනිජ තෙල් තිබීමටද හැකි බවත් සදහන් කරමින් කෙයාන් ලංකා සමාගමේ මව් සමාගම වන කෙයාන් ඉන්දියා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
තම සමාගම විසින් මන්නාරම ද්‍රෝණියේ තෙල් කැනීම් සිදුකරන බිම් කාණ්ඩයේ එක් කොටසක කැනීම් සිදුකළ ළිදකින් මෙම මහා පරිමාණ ගෑස් නිධිය හමුවී ඇති බව එහි සඳහන් වේ.
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ඇතැයි විශ්වාස කරන බිම්කඩක් ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා රජය විසින් කෙයාන් ලංකා සමාගමට පසුගිය කාලයේදී ලබා දුන්නේය. මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙන මෙම ස්වභාවික ගෑස් නිධියේ වාණිජ වටිනාකම පිළිබඳව තක්සේරු කිරීමට තවදුරටත් කැණීම් කළ යුතු බව සමාගම සඳහන් කර තිබේ.
තම දත්තවලට අනුව මීටර් 3048 ත් 3038 ත් අතරේ ද්‍රව හයිඩ්‍රොකාබන් සහිත නිධියක් ඇතැයි සමාගම වැඩිදුරටත් පවසා ඇත.
මෙම කැණිම් කටයුතු සඳහා සමාගම වැයකරනු ලබන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 110 ක් බව සඳහන්ය.
ලංකාවේ ගෑස් නිධියක් හමුවේ
Loading...