ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් සැප්තැම්බර් 14 වැනිදා මෙරටට පැමිණේ.
ඔහු ජනාධිපති, ආරක්‌ෂක ලේකම්, සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ ද්‍රවිඩ සන්ධාන නායකයන්ද හමුවීමට නියමිතය.
මේ හැර හෙතෙම යාපනයේ සංචාරයක යෙදී උතුරේ ආඥාපති හා එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් ද හමුවනු ඇත.
එමෙන්ම බ්ලේක් මහතා ඇමෙරිකාවේදී ශ්‍රී ලාංකීය දමිළ කණ්ඩායමක් හමුවී සාකච්ඡා පැවැත්වූ බව පසුගිය දා වාර්තා විය. නමුත් එහිදී සාකච්ඡා වූ කරණු පිළිබඳ වාර්තා නොවේ.
පසුගිය 29 වැනිදා ඔහු මෙරටට පැමිණීමට නියමිතව සිටියත් අයිරින් කුණාටුව නිසා සංචාරය කල් දැමිනි.