රුපියල් 5000 දීමනාව අනු කාණ්ඩ 06ක් යටතේ පවුල්වලටත්

Spread the love

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල් ඒකක සදහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකක සිටින අනු පවුල් සදහා ද ලබා දෙන ලෙස මහජනතාව කරන ලද ඉල්ලීම සලකා ජනපතිවරයා සහ අගමැතිවරයා විසින් තවත් අංශ 06ක් යටතේ (පහත දක්වා ඇත) හදුනා ගන්නා පවුල් සදහා ද ලබා දීමට තීරණය කළ බව රජයසේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ අදාළ දීමනාව බලන 22 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවට ජනපතිවරයා විසින් නියෝග කර ඇති බවයි.

RSL

Related Posts