ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.
හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි.
ඊයේ පැවතී පාර්ලිමේන්තු ඡන්දයෙන් 8 වන විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදීම දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.