රතු දිස්ත්‍රික්කවල ජනතා ක්‍රියාකාරකම් ගැන මැයි 04 දාට පසුව ක්‍රමවේදයක් හදනවා – GIG අජිත් රෝහණ

Spread the love

අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගී විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් මෙසෙද පැවසුවේය,

දැනට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හෙට අළුයම 0500 ඉවත්වනු ඇත. එසේ වූවත් කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කළ නොහැක.

එසේම ඇදිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල එනම්, අළුයම 0500 සිට රාත්‍රි 0800 දක්වා කාළය තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සේවක සංඛ්‍යාව, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීමට ආයතන ප්‍රධානින් ක්‍රියාකළ යුතුයි.

විශේෂයෙන්ම ඇදිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුළ ඔබගේ ජාතික හැදුනුම්පතෙහි අංක අනුව සතියේ දින පහ තුළ රාජකාරීන් සිදු කරනු ලබන ආකාරය සැබැදිව යම් ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. ඒ සඳහා බලපානුයේ හැදුනුම්පතෙහි අවසන් අංකය වන අතර , එහි 1 හෝ 2 වනුයේනම් සදුදා දිනයෙත්, 3 හෝ 4 වනුයේනම් අගහරුවාද දිනයෙත්. 5 හෝ 6, බදාදාත්, 7 හෝ 8,  බ්‍රහස්පතින්දාත් හා 9 හෝ 0          වෙන් අවසන් වේනම් සිකුරාදා වශයෙනුත් තම රාජකාරීන් සිදු කිරිම සඳහා මාර්ගයේ ගමන් කිරිමට අවසර ලැබෙනු ඇත.

කෙසේවෙතත් එම ක්‍රමවේදය තුළ කෘෂිකර්මාන්තය, රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාම, කුලි රැකියා හා දෛනික සාමාන්‍ය රාජකාරීන් සිදු කරනු ලබන පුද්ගලයින් සඳහා මෙය කිසිසේත්ම බල නොපවත්වයි.

එසේම, ඇදිරි නීතිය ලිහිල් කරන ලද කාලය තුළ සාද පැවැත්වීම, විනෝද චාරිකා, කණ්ඩායම් වශයෙන් එක්ව සිදුකරනු ලබන ක්‍රියාකාරකම්, විවිධ ආගමික උත්සව පැවැත්වීම, ක්‍රිඩා කටයුතු සිදුකිරිම හා සංගීත රාත්‍රින් යන ක්‍රියාකාරකම් සිදු කිරිම තහනම් වන අතර, එවැනි  ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවන පුද්ගලයින් නීරික්‍ෂණයට ලක්වූවහොත් නීරෝධායන රීතීන්ට අනුව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසීය ක්‍රියාකරනු ලබයි.   

ඇදිරි නීතිය ලිහිල්වන ප්‍රදේශයන්හී යම් පුද්ගලයෙක් හෝ නිවසක් ස්වයං නිරෝධායනයට ලක්කර සිටීනම් ඔවුන්ට එම ස්වයං නිරෝධායන කටයුත්තෙන් පරිබාහිරව කටයුතු කිරිමට අවස්ථාවක් නොලැබෙන අතර, නිරෝධායන ක්‍රමවේදයට අනුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියාකල යුතුයි.     

එසේම, විවිධ පුද්ගලයින් සහ කණ්ඩායම් මගින් ආගමික වෛරය, ජාතීන් අතර විසංවාදය ඇති කරන ආකාරයේ විවිධ ප්‍රකාශණ සමාජ ජාලා මධ්‍ය හරහා ප්‍රචාරණය කරන බැව් නිරීක්‍ෂණය වී ඇත. එවැනි පුද්ගලයින් සඳහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ අවුරුදු 07 ක සිර දඩුවමක් ලබා දිය හැකි වරදක් වේ. එවැනි සිද්ධින් 9 ක්       සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂක දෙපාර්තුමේන්තුව මගින් විමර්ශණ ආරම්භ කර ඇත.

තවද, අධි අවධානම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් ජනතාවගේ ක්‍රියාකාරකම් කුමන ආකාරයකට සිදුවන්නේද යන, ක්‍රමවේදයක් මැයි මස 4 වෙනිදායින් පසුව හදුන්වා දීමට යෝජිතව ඇත.

RSL

Related Posts