අධ්‍යාපනයයි, අත්දැකීමයි නැති පාලකයන් පත් කළ විට රටකට යන කල දසාව පැහැදිලියි. මේ රට මෙසේ සියලු අංශයන්හි කඩා වැටීමට හේතුව පාලනය කරන ඇතමුන්ට අධ්‍යාපනයක් හෝ අත්දැකීමක් නැහැ. රටේ සාමාන්‍ය තරුණයන්ට තිබෙන සුදුසුකම්වත් මේ පාලකයන්ට තිබෙනවාද ? එවගේම මේ බොහෝ අය වෘත්තියක් හෝ රැකියාවක් කර අත්දැකීම් තිබෙන අය ද යන සැකයක් තිබෙනවා
අද අපි මුහුණ දෙන විශාල ආර්ථික ප්‍රශ්නය නම් ප්‍රධාන වශයෙන් විශාල අය වැය පරතරයක් තිබීම හා නිදහස ලැබුණු කාලයේ සිටම අපේ ආදායමට වඩා වියදම වැඩිවීම යැයි සමගි ජනබල වේගයේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසීය.
සමගි ජන බලවේගයේ ආර්ථික හා ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් බණ්ඩාරවෙල නගරයේ දී ව්‍යාපාරික සම්මන්ත්‍රණයක් 19 වන දින පවත්වන ලදී. එහි දී වැඩි දුරටත් කතා කළ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද පැවසීය,
‘‘ ව්‍යාපාරයක ද අදායමට වඩා වියදම වැඩි නම් ඒ ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ටික දවසින් පසුව ව්‍යාපාරය වසා දමන්න හෝ විකුණා දමන්නට වේවි. ව්‍යාපාර ක්ෂේත්‍රයක් නඩාත්තු කරන්නේ ලාභ අලාභ මතයි. වත්කම බැරකම් බලන අතර ද්‍රවශීලී තාවය ගැනද ව්‍යාපාරයකදි අනිවාර්යයෙන් සැලකිලිමත් වෙනවා. මෙසේ ව්‍යාපාරයක් කරන කෙනෙක් අතී මුදල් නැතිනම් ණය කාරයෙකු ගෙන් හෝ බැංකුවෙන් ණයට ගත හැකි දැයි සොයා බලමින් තම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට කටයුතු කරනවා .ලාභය හා අලාභය, වත්කම් බැරකම් හා ද්‍රවශීලිතාවය ගැන ව්‍යාපාරිකයන් නිතිපතා අවධානය යොමු කිරීමෙන් ව්‍යාපාරය සාර්ථක කරගැනීමට ඉවහල් වෙනවා.
රට ගැන සිතන විටද එවැනි ප්‍රශ්යනකටයි මුහුණ දෙන්නට සිදුවන්නේ. ඕනෑම රජයක් මුලින්ම බලන්නේ අය වැය පරතරය අඩුකර ගැනීමටයි. 2015 රජය බලයට පත් වූ විට 7% ක් පමණ වූ අය වැය පරතරය ක්‍රමානුකූලව 3.5 % දක්වා පහළට ගෙන ඒමට එදා රජය විසින් තීරණයකට එළඹුණා. නමුත් රාජ්‍ය වියදම් අඩු කිරීම ඉතා අමාරු දෙයක්. හේතුව රාජ්‍ය වියදමින් වැඩිපුරම වැය වන්නේ රාජ්‍ය සේවක වැටුෆ් විශ්‍රාමික ගෙවීම් කිරීමට මෙන්ම ලබා ගත් ණය වලට පොළිය ගෙවන්නත් අධික මුදලක් වැය වන බව නොරහසකි. රටේ මුළු අදායමට සමාන ප්‍රමාණයක්ම මේ සඳහා වැය වෙනවා. අනෙක් දේවල්වලට වියදම් කිරීමට ඉතිරිවන්නේ ඉතා සොච්චම් මුදලකි. නමුත් රටේ ආදායම පැවතියේ හුඟාක් අඩු මට්ටමකයි. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස මණින රටේ රාජ්‍ය ආදායම 2015 වන විට 11%%% දක්වා අඩුවී තිබුණා.
අය වැය පරතරය අඩු කිරීමට අපි එදා තීරණය කළා. අපි අපේ සැලසුම් අනුව අය වැය පරතරය 5.5% % ට පමණ අඩුකර තියෙද්දී මේ රටේ 2018 වසරේ දී දේශපාලන ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු වුණා. රාජ්‍ය නායකයා විපක්ෂ නායකයා සමඟ එක්ව සිදු කළ එවන් කුමන්ත්‍රණයක් පසුගිය ශතකයක් තුළ කිසිදූ රටක සිදු වූ බවක් වාර්ථා වී නැහැ. එවන් බසුබිමක් තුළ රට ගැන හා රට තුළ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටුනු බව ව්‍යාපාරික ප්‍රජාව හොඳින් දන්නා කරුනකි ඊට පස්සෙ අවුරුද්දේ 2019 දී පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සිදු වුණා. අනපේක්ෂිත එවන් ප්‍රහාරය හේතුවෙන් 260 ක පමණ ජීවිතය අහිමි වූ අතර රට තුළ විශ්වාසය මුළුමනින්ම කඩා වැටුණි පිට රටින් ආයෝජකයන් ලංකාවට එනවා වෙනුවට දේශීය ආයෝකයන් ද මදක් ඉඳලා බලමු යන ප්‍රතිපත්තිය අනුගමනය කළා මේ නිස යහපාලන රජයේ සැලසුම් අපේක්ෂිත පරිදි ඉටු කළ නොහැකි වුණා.
අපේ කාලයේ දී විශාල ස්වාභාවික ගැටළු මධ්‍යයේ අය වැය පරතරය 5.5% % දක්වා පහළට ගෙන ආවා. 2017 දී වසර 40 කින් පසුවූ විශාල නියඟයක් පැවතියා එවන් පසුබිමක වූවද මූල්‍ය විනයක් සහිතව රාජ්‍ය ආදායම වැඩි කර අය වැය පරතරය අඩු කර ගෙන ප්‍රාතමික ශේෂයේ ඉතිරියක් ද පෙන්වා සැමට ප්‍රතිලාභ ලැබෙන දියුණුවක් රටේ ඇතිකිරීමට හැකියාවක් ලැබුනේ යහපාලන රජයට රට වෙනුවෙන් සැලසුමක් තිබූ නිසයි.
ප්‍රාථමික ඉතිරිය යනු අපි ණය ට ගත් මුදලට ගෙවිය යුතු පොළිය අයින් කරලා සාමාන්‍ය ආදායම් හා වියදම් සැසඳීමේදී වසර 60 ක් තුළදී වියදමට වඩා ආදායම වැඩි වූයේ එක් වතාවක් පමණයි.. ඉන් පසුව 2017 හා 2018 වසර වලදී පමණක් එසේ රටේ වියදමට වඩා ආදායම වැඩි කරගත හැකි වුණා.. රටක සංවර්ධනය කියන්නේ මෙයයි ආර්ථිකය හා රට සංවර්ධනය කරා ලඟා කරගන්නේ කෙසේ දැයි බොහෝ අයට අවබෝධයක් නොතිබූ නිසා මේ වැඩවල සාධනීය බව පිළිබඳව තේරුම් ගත් අය ඉතා අවමයි. මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙන්ම මම ද රට වටේ ගොස් ජනතාවට සංවර්ධන්යේ මේ සැබෑ වෙනස ගැන කතා කළද ජනතාවට මේවා පිළිබඳව පැහැදීමක් තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නෑ.
හැබැයි එද ගෑස් හිඟය ගෑස් සිලින්ඩර පිපිරීම තෙල් ගන්න මුදල් නැතිව විදුලිය කැපීම පොහොර නැතිවීමේ ප්‍රශ්න ආනයන කරුවෙක් ලෙස භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවකට ගිය විට ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් ඩොලර් අරගෙන එන්න යැයි කී බවට කිසිවෙකුත් එදා අඳෝනාව නැගුවේ නැහැ. භාණ්ඩ මිල වැඩියි, හිඟයි, පෝලිමේ ලතවෙනා ඕනෑ යැයි කීවෙත් නැහැ .එදා සියලු ව්‍යාපාර හා කෘෂි කටයුතු සාමාන්‍ය පරිදී සිදු වූ බව රටම දැනගෙන සිටියා. .නමුත් වැරදි ආර්ථික කළමනාකරණය නිසා මේ රජයේ නොහැකියාව ඉදිරියේ මේවා සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
දැන් අය වැය පරතරය වැඩිවීමත් එක්ක උද්දමනය වැඩි වුනා පළමු වැනි ප්‍රධාන ප්‍රශ්ණය නම් උද්දමනය සමඟ බඩු මිල විශාල වශයෙන් ඉහලට යන එකයි ආහාර පරිභෝජනය එළවළු හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු සියලු කාර්යයන් හට මේ උද්දමනය බෙහෙවින් බලපා තිබෙන බව ගෘහණියන්ට හොඳටම තේරිලා තිබෙනවා අපනයන සඳහා අවශ්‍ය ඇසුරුම් පෙට්ටි සකස්කිරීමට අවශ්‍ය කඩසාඉ පවා සොයා ගන්නට නැති නිසා අපනයනයටද එය බලපානවා. යන්හ්‍රෝපකරණ හා වාහනවල අමතර කොටස් වෙළඳපොලේ මිලට ගන්නට නැති නිසා එම ව්‍යාපාරවල නිරත්වූවන්හට රැකියා අවස්ථා ද අහිමි වී තිබෙනවා.
රටේ උද්දමනයට අමතර දෙවන විශාලතම ප්‍රශ්නය වී ඇත්තේ රටේ ඩොලර් නැතිවීමයි. යන යන හැම තැනටම එහි බලපෑම තදින් දැනෙනවා. ණය කාර්ඩ් පත ගෙන දෙපාරක් ගනු දෙනු කළ පසුව එය ප්‍රතික්ෂේප වූ බව රට ගිය කෙනෙක් පැවසුවා. නවීන ලෝකයේ ලාංකිකයන්ට හැර මෙවන් බාධක කිසිදු රට වැසියෙකුට සිදු වූ බවක් වාර්තා වී නැහැ. කුඩා කල හාල් පොලු මිරිස් පොලු ගැන අසා තිබුණ ද මේ තරුන ව්‍යාපරිකයන් මෙවන් බාධක පිළිබඳව අසා නැහැ. මේ සියල්ල රජයේ අදූරදර්ශී පාලන ක්‍රමය හේතුවෙන් මේ රටේ ඩොලර් හිඟයක් ඇති වූ නිසා සිදු වූ බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා.
2019 දී අපි මේ රජයට රට භාර දුන්නේ ඩොලර් කෝටි 7600ක් ශේෂයක් සමගයි. අවාසනාවකට 2021 වන විට මේ ශේෂය 80 % කින් අඩුවී ඩොලර් කෝටි 1000 ට බැස්සා. නමුත් මේ කාලය තුළම ආසියාවේ ඉන්දියාව, පකිස්තානය හා බංගලිදේශය කොරෝනාව මධ්‍යයේ ම ආර්ථික වශයෙන් දියුණු වී ඔවුන්ගේ සංචිතය 28 %- 47 % ක ප්‍රමාණයකින් විශාල වශයෙන් වැඩි වුණා. කොරෝනාව නිසා ආර්ථිකය කඩා වැටුනා යැයි කියන ලොව එකම රට ශ්‍රී ලංකාව පමණයි. අපි මේ රජය කාලය තුළ ආර්ථිකය 80 % කින් පහළට ගිහින් තිබෙනවා.
අධ්‍යාපනයයි, අත්දැකීමයි නැති පාලකයන් පත් කළ විට රටකට යන කල දසාව පැහැදිලියි. මේ රට මෙසේ සියලු අංශයන්හි කඩා වැටීමට හේතුව පාලනය කරන ඇතමුන්ට අධ්‍යාපනයක් හෝ අත්දැකීමක් නැහැ. රටේ සාමාන්‍ය තරුණයන්ට තිබෙන සුදුසුකම්වත් මේ පාලකයන්ට තිබෙනවාද ? එවගේම මේ බොහෝ අය වෘත්තියක් හෝ රැකියාවක් කර අත්දැකීම් තිබෙන අය ද යන සැකයක් තිබෙනවා‘‘ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය