රජයට නව කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය

Spread the love

2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නව බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. ඉහත පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත යටතේ කැසිනෝ කර්මාන්තය නියාමනය කරනු ලැබේ.

කැසිනෝ ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු වුවද කිසිවකුට බලපත්‍ර නිකුත් කර නොමැති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ නිසා කැසිනෝ පවත්වාගෙන යන අයගෙන් බදු අයකර ගැනීම දුෂ්කර වී ඇත.

කර්මාන්තය නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු බදු අයකර ගැනීමට කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නියෝග නිකුත් කිරීමට මුදල්, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනතට සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීමට ද කැබිනට් මණ්ඩලය එකඟ විය.

RSL

Related Posts