ඊයේ (08 නොවැ.) පාර්ලිමේන්තුවේදී ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ වර්තමානයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්වී ඇති බවත් රජය දීර්ඝකාලීන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඇති ව ව්‍යාපාර කරන්නන්ට අවස්ථාව සලසා, යටිතල පහසුකම් ලබා දී ඇති බවත්ය.
එදා එජාපය පාලනය යටතේ වී අලෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට දුන්නා ඇඟලුම් කර්මාන්ත ශාලාවලට. ඒවා සියල්ල අසාර්ථක වෙලා.
60-70 දශකයේ දේශීය ව්‍යාපාරවලට සියලු අඩන්තේට්ටම් කළා. සිංහල ව්‍යාපාරිකයින් වට්ටලා දැම්මා. ගැටඹේ විහාරයට කම්බි ගැහුවේ එජාපයයි. සතොස රෑට ඇරලා තිබුණා. මැස්සෙක්වත් හිටියේ නෑ. අසාර්ථක වුණා.
අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිව්වා. තොප්පිගල කැලෑවක් කිව්වා. අද ඒ ප්‍රදේශ සශ්‍රීක වෙලා. එළවළු මිල අඩුවෙලා. මාර්ග පද්ධතිය සංවර්ධනය කරලා යැයි අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් පැවසීය.
Loading...