රජයේ වෛද්‍ය උපාධිධාරීන්ගේ ගැටලුවට තවමත් විධිමත් විසදුම් නෑ

Spread the love

පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය. 

වසර 10කට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ  සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  වෛද්‍යවරුන් වශයෙන්  කටයුතු කරන එහෙත්  ස්ථිර වෛද්‍ය පත්වීම්  නොලද රජයේ වෛද්‍ය උපාධිධාරීන් ගේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ කවදාද ?

අවුරුදු හතලිස් පහේ රැකියා නොමැති උපාධිධාරීන්  සිටින බව හා ඒ සම්බන්ධයෙන් තම  විමතිය  මේ රටේ ගරු ජනාධිපතිවරයා පළ කළ බව පසුගියදා වාර්තා විය. එසේම විදේශ වෛද්‍ය උපාධි සහ නීති උපාධි හදාරා වයස අවුරුදු 22,23 දී  මේ රටේ වෛද්‍යවරුන් සහ නීතිවේදීන් වශයෙන් කටයුතු කරන රජයේ  ඉහළම බලධාරින්ගේ දූ දරුවන් සිටින බවද  රටට රහසක් නොවේ.

එහෙත් මේ රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබා රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළත් වන සිසුවෙක් හෝ සිසුවියක් තමන් උසස් පෙළ විභාගය සමත් වූ දින සිට රජයේ ස්ථිර පත්වීම් ලද වෛද්‍යවරුන්  වශයෙන්  පත්වීම ලබා ගැනීම තෙක් වසර 10කට ආසන්න කාලයක් ගත කරන බව හා එය එසේ පවත්වා ගැනීමට වෛද්‍ය පීඨ වල සිටින සමහරක්  පීඨාධිපතිවරුන් ආචාර  මහාචාර්යවරුන්  හා විශේෂයෙන් උප කුලපතිවරුන්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළින්ම සිටින ඇතැම්  නිලධාරීන් කටයුතු කරන බවට වෛද්‍ය අධ්‍යාපනය හා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවයෙන් වෙනුවෙන්  දැනුවත්ව කටයුතු කරන  වෛද්‍ය ප්‍රජාවට රහසක් නො වේ.

විවිධ අර්බුද මැද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ වසා තැබූ කාලයෙ එනම් රාගම වෛද්‍ය පීඨය ජන සතු කිරීම, සයිටම් අර්බුදය, වැනි කාලවලදී පවා එදා විපක්ෂයේ රාජකාරි කටයුතු කළ දේශපාලනඥයින් පවා වෛද්‍ය පීඨ නිසි ලෙස පවත්වා  ගැනීමට උපකාරී කළ බව හා රටේ අනාගත දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෛද්‍ය පීඨ කඩිනමින් විවෘත කිරීම සඳහා මැදිහත් වූ බව   රටට රහසක් නො වේ. එහෙත් එවන් පසුබිමක ..රාජ්‍ය යාන්ත්‍රණය පවා නොමඟ යවමින් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කරන ඉහත දක්වා ඇති  ඉහළ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ රටේ සමස්ත සෞඛ්‍යම වළපල්ලට ඇද දමමින් සිටින බව වර්තමානය වන විට මනාව පැහැදිලි වේ.

එයට උදාහරණ එනම් 2010 වසරේ අපොස උසස් පෙළ ලියන ලද සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන් හට අදටත් පත්වීම් ලබා දී නොමැත. එසේම 2011 අධ්‍යන වර්ෂයේ උසස් පෙළ ලියන ලද අයවලුන්  අදටත් සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් රජයේ රෝහල් තුළ කටයුතු කරමින් සිටින අතර වසර දහයකට ආසන්න කාලයක් ගත වී ඇත .

එසේ ම  එම අයවලුන් හට පත්වීම් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උවමනාවෙන්  විවිධ ප්‍රශ්න දමමින්  ඇති කරමින්  කටයුතු කරන බව හා එයට අවැසි පහසුකම් ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා ප්‍රකාශ කල බව අප හට මතකය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක අභිබවමින් ජනගහනයට සාපේක්ෂව අප රට තුළ (670 ට එකක් ) වෛද්‍යවරුන් සිටියත්  දුෂ්කර පළාත්වල උග්‍ර වෛද්‍යවරු හිඟයක් පවතින බව ජනාධිපති තුමාගේ රාජාසන කතාවේදී පවා ප්‍රකාශ කරන ලදී.

ජනගහනයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ 400 කට එක් වෛද්‍යවරයෙක්  හා නුවරඑළිය දිස්ත්‍රික්කය 3000  කට එක් වෛද්‍යවරයෙක්  සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින්  මිස වෛද්‍යවරුන්ගේ වරදින් නොවේ.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින් පත්වීම්  ලබා ගැනීම  අපේක්ෂාවෙන් 2500 පමණ පූර්ව  සීමා වාසික වෛද්‍යවරුන්   පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින  රටක් බවට ශ්‍රී ලංකාව පත් ව ඇත, එසේම ජනාධිපති තුමාගේ රාජාසන කතාවට ද අපහාසයක් සෞඛ්‍යය  අමාත්‍යාංශයේ බලධාරීන් විසින් සිදු කර ඇත.

එවන් පසුබිමක රජ ය පවා අපහසු තාවයට පත් කරමින් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් රාජ්‍ය ආයතන වල  සිටින ඉහළ නිලධාරීන් කීප දෙනා  විසින් විදේශ වල ඉගෙන ගන්නා ඔවුන්ගේ දූ දරුවන්ට තැන ලබා දීමට යාමෙන් සිදු වනුයේ එක් විදුලි අධිකාරීවරයෙක් නිසා ඔහුගේ වරදින් රටකට විදුලිය නැති ව විශාල අලාභයක් සිදු වූවා සේ ම රජයේ ආයතන මෙන් ම  සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටිමින් පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා රටේ සමස්ත සෞඛ්‍ය  ක්ෂේත්රයේ ම බරපතළ අර්බුදයකට පත්වීමයි.

පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය. 

එහෙත්  අවම ප්‍රමිතිය සම්බන්ධ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යාමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තිබූ අදාළ නිවේදනය පිටපත් පන්සියයක් පමණ අස්ථානගත ව නැවත සැකසීමට සිදුවී ඇත .  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තරම් දුර්වල ද එය වැළැක්වීමට කටයුතු කරන ලද්දේ අන්තවාදී හෝ සුදුසුකම් රහිත තම දරුවන් දමා දන්නා අයවලුන් හෝ ජාවාරම් කරුවන් විසින් ද  වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීති ගත  නොවන තාක් කල්   නුසුදුසු වූ වෛද්‍යවරුන් අතින් රෝගීන්ට කෙරෙහි වන බලපෑම ඔවුන්ගේ ජීවිත සම්බන්ධ ගැටළුවට වග කියන්නේ කවුද? අප ඉන්දියාව සහ මැලේසියාව මෙන් වෙමු ද ?

වර්තමානයේ වෛද්‍ය පත්වීම් ලබා නොදීම තුළ 2014 වසරේ උසස් පෙළ හදාරන ද සිසුන්ගේ  අවසන් වෛද්‍ය විභාගය 2021 වසරේ ජූලි මස පැවැත්වීමට කටයුතු කර තිබුනත් වර්තමානය වන විට එය 2022 වසරේ සැප්තැම්බර මස දක්වා කල් තබා ඇති බව අද වන විට වාර්තා වන අතර මෙය කොතරම් බරපතළ අපරාධයක් ද ?

සයිටම් අර්බුදය  සහරාන් ගේ ප්‍රහාරය කාලසීමාවේ වෛද්‍ය පීඨ ක්‍රියාත්මක ව නොපැවති අතර කොවිඩ් 19 අර්බුදය පැවති කාලයේ රජයේ වෛද්‍ය පීඨ සිසුන් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදී එහෙත් එම කාල සීමාවන් ද නොසලකා තවත් වසරකට ආසන්න කාලයකින් වෛද්‍ය අධ්‍යාපනය  දිගු කිරීම  එම දරුවන්ට හා රටට කරන බලවත් අපරාධයක් නොවේ ද  එම දරුවන්ගේ   හෙට දවස වෙනුවෙන් දෙමාපියන්ට වියදම් දැරීමට සිදු වනවා සේම රජයටත් අමතර අවුරුද්දකට ආසන්න කාලයක් පඩි නඩි සහ අනිකුත් වියදම් දැරීමට සිදුවීම අපරාධයක් නොවේ ද ?

එහෙත් රජයේ පීඨ වල ප්‍රමිතිය සොයන  එහි කාලය දික් කරන අයවලුන්  තමන්ගේ දරුවන් මේ රට සිට විදේශ වෛද්‍ය  අධ්‍යාපනය  හදාරමින් විභාග පවා ඔන්ලයින් ක්‍රමයට සිදු වන ව්ට නිස්සද්දව එයට අනුමැතිය ලබා දෙමින් සිටින්නේ ය වෛද්‍ය අධ්‍යාපනය *විභාග* ඔන්ලයින් ක්‍රමයට සිදු කළ හැකි ද    ආචාර මහාචාර්යවරුන් රජයේ උසස් නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්  එය අනුමත කරන්නේ කෙසේද ?

තමන්ගේ දරුවන් එම කණ්ඩායම තුළ සිටින නිසා නේද ? වසරකට, තරගකාරී විභාගයකින් අනතුරුව  1500ක පමණ පිරිසක් සුදුසු කම්  ලබා  රටෙහි වෛද්‍ය පීඨ වලට එකතු වන අතර දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව විදේශ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා කටයුතු කරන්නේ ය  එහෙත් රජයේ ඉහළ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය පීඨවල සමහරක් පීඨාධිපතිවරුන් උපකුලපතිවරුන්  ප්‍රමුඛතාවය ලබා දෙන්නෙ  ද රජයේ වෛද්‍ය පීඨවල  සුදුසුකම් ලබන සිසුන්ට නොව මුදල් මත අඩු සුදුසුකම් මත විදේශ වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයවලුන්ට ය … ඒ ඔවුන්ගේ දරුවන් සිටින නිසා ය.

මෙ සේ සුදුසුකම් ලබන ඉතා ඉහළ  ප්‍රමිතියෙන් යුත් සීමාවාසික පුර්ව සීමාවාසික සහ වෛද්‍ය සිසුන්ගේ පත්වීම් ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරමින් අඩු සුදුසුකම් මත විදේශ  වෛද්‍ය උපාධිය හැදෑරූ  සිසුන් ට තැන දීමට යාමෙන්  අනාගතයේ දී රට ඉන්දියාවට  සිදු වූ ආකාරය ට පත් වනු ඇත. කොවිඩ්  19  සම්බන්ධයෙන් අපට පාඩම් කියා දී ඇත එහෙත් එයින් පාඩම් ඉගෙන ගත් බවක් නම් පැහැදිලි නො වේ.

වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීති ගත නො වීම හේතුවෙන් අපොස උසස් පෙළ අසමත් විදේශ වෛද්‍ය උපාධිය හැදෑරූ සිසුන් 750 කට පමණ ERPM විභාගයට  ඉඩදීමට සිදුව ඇත ,එසේම පසුගිය වසරේ අපොස් උසස් පෙළ අසමත් සිසුන් දහනම දෙනෙක් ද මේ වසරේ 11දෙනෙක් හට ද සීමා  වාසික පත්වීම් ලබා දී ඇත.

එසේ වෛද්‍ය පත්වීම් ලබන විදේශ උපාධිධාරීන්  පරිපාලනයට ගියහොත් එතන අර්බුදය ඇති කරන්නේ ය වෛද්‍ය වරයෙක් වශයෙන් වැඩ කළ හොත් රෝගීන්ට දෙවියන්ගේ පිහිටය අනාගතයේ මේ රටේ රෝගීන් ට ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී වදන ආදේශ කළ හැක.

2015 වර්ෂයේ අපොස උසස් පෙළ ලියන ලද 1996 වසරේ උපත ලද අයවලුන්  රජයේ වෛද්‍ය පීඨ වල තෙවැනි වසරේ  ඉගෙනුම් කටයුතු කරද්දී අන්තර් ජාතික විෂය හදාරා මෙරටින් පිටව ගොස් වෛද්‍ය උපාධිය ලබා ගත් අයවලුන් අද වන විට හම්බන්තොට, කොළඹ ළමා රෝහලේ හා  රජයේ රෝහල් වල   සේවය කරන අතර 2015,වසරේ අපොස උසස් පෙළ කරන ලද  රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් මේ යන ආකාරයට 2025 වසරේ දී හෝ වෛද්‍ය පත්වීම් ලබා ගැනීම සැක  සහිතය එහෙත් 1996 වසර ඉපිද විදේශ අධ්‍යාපන ලද අයවලුන් දේශීය සුදුසුකම් ලබන සිසුන්ට වඩා වසර පහකින් ඉදිරියට ගියේ රටේ අධ්‍යාපනයේ,සෞඛ්‍ය අමාත්‍යාංශය  දුර්වලතා නිසා නො වේ ද ?

එසේම අද වන විට වෛද්‍ය උපාධිය සඳහා විදේශ ගත වීම ජාවාරමක්  බවට පත්ව ඇති  අතර  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව නොලබමින්  නුපුහුණු ශ්‍රමිකයින් මෙරටින් ජාවාරම්කරුවන් පිට කරන ආකාරය ට අපොස උසස් පෙළ අසමත් අයවලුන් සමත් ලෙස ලෙස හුවා දක්වමින් පිට රට යවන අතර නිසි සායනික පුහුණුවක් නොලද අදාල අයවලුන්  හට මෙරට දී සුජාත භාවය ලබාදීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගි කර ගෙන ඇත   .අනාගතයේ දී අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් උසස් ලකුණු ලබා ගන්නා සිසුන් අතළොස්සට පවා රැකියාව ලබා ගැනීම සඳහා පාරේ සටන් කිරීමට සිදු වනු ඇත.

සීමාවාසික පුහුණුව ලබමින් සිටින විදෙශ වෛද්‍ය උපාධිධාරීන්  සම හරක් ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය භාවිත කරමින්(අවිස්සාවේල්ල රෝහලේ පවා නම සඳහන් කරමින් ) විදේශ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා දැන්වීම් නිකුත් කරමින් ඇත. සීමාවාසික පුහුණු කාලයේ දී එසේ කටයුතු කරන්නේ නම් එය අවසන් වූ පසු කෙසේ කටයුතු කරනු ඇත්ද ?

එසේ ම කවුරුත් කතා නොකරන මාතෘකාවක් වනුයේ මේ පිටුපස ඇති අන්තවාදී දේශපාලන පක්ෂ විසින් හසුරුවන බලපෑම අති මහත් ය ….එය දැන් වත් නතර කළ යුතුව ඇත.

එසේම කොවිඩ් 19 අර්බුද කාලයේදි  වෛද්‍ය නිල ලාංඡන සඳහන් කර එය අව භාවිත කළ පුද්ගලයෙක් පොලිසියට හසු වූ අතර එම කාලයේ දී මාධ්‍ය වෘත්තීය පාවා දෙමින් දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා මාධ්‍ය නිල ලාංඡන භාවිතා කරමින් කටයුතු කළ මාධ්‍යවේදී ත්‍රස්තවාදීන් වර්තමානය වන විට හසු වී ඇති අතර ත්‍රස්තවාදීන් ට අනුබල දුන් තවත් පිරිසක් විදේශ ගතව ඇත ,එමෙන් ම අනාගතයේ දී වෛද්‍ය නිල ලාංඡන භාවිතා කරමින් ත්‍රස්තවාදී කටයුතු මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලී සිට හසු වුවහොත් වත්මන් තත්ත්වය අනුව එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ රටේ   රෝගීන්ගේ රෝගී ජීවිත අයිතිවාසිකම් විනාශ කරන අයවලුන් මේ රට තුළ එම වෘත්තිය ගණිකා වෘත්තියක් බවට පත් කර ඇත.

එ වැනි අයවලුන් සිටියදී පවා රජයේ වෛද්‍ය පීඨ වල තම උපරිම කාලය යොදවමින් තමන්ගේ දරුවන්ට හා සමාන සෙනෙහසක් ලබා දෙමින්  අධ්‍යන කටයුතු කරන වෛද්‍ය ගුරු ආචාර්ය මහාචාර්ය තුමන්ලාට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ කෘතවේදී උපහාරය මේ අවස්ථාවේ පුද කළ යුතු ව ඇත ඔවුන්ගේ බලපෑම නොවන්නට මෙය තව දුරටත් බරපතල වනු ඇත. එවන් දෙවිවරු බඳු මිනිසුන් මැද තම වෘත්තිය හෑල්ලු කරමින් තමන්ගේ දරුවට අවුරුදු හතර හමාරෙන් විදේශ වෛද්‍ය  උපාධිය  ලබා දීමට කටයුතු කරන තක්කඩි උපකුලපතිවරු මහාචාර්යවරු නැතුවා ද නොවේ.

වෛද්‍ය වෘත්තියේ සහ වෛද්‍ය පීඨ වල අර්බුද ඇති කිරීමට සූක්ෂ්මව ක්‍රියාකරන රාජ්‍ය යාන්ත්‍රණය තුළ  සිටින ඉහද පණුවන් සහ වෛද්‍ය වෘත්තියේ සිටින  එන්ජීඕ කරුවන්  පිළිබඳ වත්මන් රජය මීට වඩා සැලකිල්ලක් දක්වා කටයුතු කළ යුතු ව ඇත.

එසේ ම පූර්ව සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමටත් විවිධ අර්බුද හේතුවෙන් වෛද්‍ය පීඨ වල කාලය  දීර්ඝ කිරීමට යාම නිසා එහි සිටින සහ ඇතුළත් ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සුදුසුකම් ලත් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර මේ රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ම ආරක්ෂා කර ලීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින දූෂිත නිලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් හා එක නීතියක් එක රටක් යන සංකල්පයට රට ඔසවා තැබීමට වත්මන් රජයේ බලධාරීන් ට හැකියාව ලැබිය යුතු ව ඇත.

වසර දහයකට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  වෛද්‍යවරුන් වශයෙන්  කටයුතු කරන එහෙත්  ස්ථිර වෛද්‍ය පත්වීම්  නොලද රජයේ වෛද්‍ය උපාධිධාරීන් ගේ ගැටලුවට හා වසර දහයකට ආසන්න කාලයක් වෛද්‍ය උපාධිය වෙනුවෙන් වෛද්‍ය පීඨ තුළ ද සිටින දුවා දරුවන් ට ගත කිරීමට සිදු වීම  සම්බන්ධයෙන්  විසඳුම් ලැබෙන්නේ කවදාද ?

දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අපට පාරට  බැසීමට සිදු  නොවේවා යන්න බලධාරීන් වටහා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. 

වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

RSL

Related Posts