රජයේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

Spread the love

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා තේරී පත්විය.

රජයේ මුදල් කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්විය.මෙහිදී  අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී.

අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාල  මුදල් කාරක සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබද  මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.

කෙහෙළිය රඹුක්වැල්ල,සුසිල් ප්‍රේමජයන්ත,විදුර වික්‍රමනායක ,ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ද, ආචාර්ය හර්ෂ ද සිල්වා ,හේෂා විතානගේ,ඉසුරු දොඩන්ගොඩ,සහන් ප්‍රදීප්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලබන 12 වැනිදා නැවත කාරක සභාව රැස්වීමට නියමිත අතර 2020 විසර්ජන පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

RSL

Related Posts