යුද්ධයේදී මියගිය හා ආබාධිත සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ට 55න් පසු වැටුප තවදුරටත්…!

Spread the love

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට.

යුද්ධයේදී මියගිය සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් වෙත සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55‍ සම්පූර්ණ වන තෙක් වැටුප් හිමිගන්වන ලද අතර, මේ වන විට වයස 55 සම්පූර්ණ වීම හේතුවෙන් ඔවුන් හට වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීම මත පත්ව ඇති අපහසුතාවය පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානය යොමුවී ඇත.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා විසින් ගරු ජනාධිපති තුමන් හට මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමෙන් පසු අදාල සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වෙත තවදුරටත් මෙම දීමනාව ලබාදීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවී ඇත.

මේ ලිළිබඳව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක එයා වයිස් මාෂල් රොෂාන් බියන්විල මේවනවිටත් කටයුතු සිදුකරමින් සිටී.

Related Posts