මොඩර්නා Covid එන්නතේ මිල ගණන් හෙළි කරයි

Spread the love

එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා Moderna සමාගම විසින් නිපදවා ඇති 95%ක සාර්ථකත්වයක් ඇති බව කියන කොවිඩ්-19 එන්නතේ මාත්‍රාවක මිල ඩොලඒ 25-37 අතර විය හැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ පැවසුවේ තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ්එ-19 න්නතේ මාතාවක් සඳහා රජයකට ඩොලර් 25ත් 37ත් අතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවයි.

‘එහි මිල ඇණවුම් කරන ප්‍රමාණය මත යම් තරමක් වෙනස් විය හැකි‘ බව ද ඔහු සදහන් කළා.  

“අපේ එන්නත සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂා/උණ සඳහා දෙන මාත්‍රාවක මිල වන ඩොලර් 10 ත් 50ත් අතර වෙයි කියලා අපි ගණනය කර තිබෙනවා‘

මොඩර්නා සමාගම විසින් නිෂ්පාදනය කළ එන්නත් මාත්‍රා මිලියන ගණනක් මිලදී ගැනීමට යුරෝපා කොමිසම සාකච්ඡා කරමින් සිටින අතර යුරෝපීය කොමිසම පැවසුවේ එන්නතක් ඩොලර් 25කට ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

“ගිවිසුම් කිසිවක් තවම අත්සන් කර නැහැ. නමුත් අපි නුදුරේදීම යුරෝපීය කොමිසම සමග එකඟතාවයකට පැමිණීමට නියමිතයි. අපි අපේ නිෂ්පාදනය යුරෝපයට යැවීමට කැමතියි. එය ඉදිරි දින කිහිපය තුළ සිදුවේවි” මොඩර්නාහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සේ වැඩි දුරටත් පැවසීය.
  
මේ අතර ජාත්‍යන්තර විශේෂඥයින් බිය පළ කරන්නේ කොවිඩ් එන්නතක් සොයා ගත්ත ද එය ධනවත් රටවලට පමණක් සීමා වනු ඇති බවට බියක් ඇති බවයි.

RSL

Related Posts