මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – පා.ම. රෝහිණී කවිරත්න

Spread the love

මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර.  මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි  මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. 

සමගි ජනබලවේගයේ ‘දිනමු‘ වැඩසටහන යටතේ ගාල්ලේ නාගොඩ පැවති රැස්වීමක් ඇමතු  කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ,  ‘‘ගාල්ල, මාතර, හම්බන්තොට තමයි මේ ආණ්ඩුවට වැඩියෙන්ම ඡන්දය දුන්නේ.  ඒ ඡන්ද අරගෙන හම්බන්තොට අලි සංරක්ෂිතය කෙරවලක ඉදන් සුද්ධ කරනවා.  ගාල්ල – මාතර සිදුවන විනාශය ගැන මෙතැන කරුණු කිව්වා. 

ලෝකයට ගස්, වැල් පරිසරය ආරක්ෂා කරන හරිත දේශපාලනයකට යොමු වන අතර, ලංකාව පරිසරය මරා දමමින් සිටිනවා.  ලංකාවේ සංරක්ෂිත වනාන්තරවලට අමතරව හෙක්ටාර 694000 ක් වන බිමක් අවශේෂ වනාත්තර විදිහට තියෙනවා.  නිල්ගල වනය, විතරයක් නෙවෙයි කිකිළියමාන කන්ද, කිරිබත්ගල අයත්වන්නෙත් අවශේෂ වනාන්තරවලට. වතු වගාව නිසා සිදු වූ විනාශය වලක්වන්නට එදා යුරෝපා ජාතීන් 1885/10 දරණ දැව හෙළිවේ සහ වානාන්තර හෙළි කිරීමේ ආඥා පනත ගෙනාවා.  එයින්, රටේම වනාන්තර ආරක්ෂා වුණා.  5/2001 චක්‍ර ලේඛනය නිසා ආරක්ෂා වු ඉඩම්  රාජපක්ෂ සමයේ 2/2006 වක්‍ර ලේඛනය මගින් නිදහස් කරන්නට උත්සහ ගත්තා.  අනුරාධපුර විතරයක් හෙක්ටාර 25,000 ක් ගොවිතැනට කියලා නිදහස් කරන්නට යනවා. හම්බන්තොට අලි මංකඩ අක්කර 15,000 ක් ද මෙයට ඇතුළත්.  මේ විනාශ කරන්නේ රටේ වනාන්තර ටික විතරක් නෙවෙයි.  රටේ ඉතිරිවෙලා තියෙන, අලි ඇත්තු ඇතුළු වන ජීවින් ද එක්කයි.  මේ හිනිදුම අල්ලපු වැටේ සිංහරාජය පුළුල් කරන්න ගැසට් නිවේදනයක් සකස් කලා.  එය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට උවමනාවත් තිබුණේ නෑ. දැන් ඒක මැදින් පාරක් කපනවා. 

මුළු රටේම තියෙන වටිනාම ඉඩම්, දේශපාලන හයිය අරගෙන උදුරා ගන්නවා.  කියන්නේ නම්, කෘෂිකර් මාන්තයට ඉඩම් දෙනවා කියලයි.  2006 දී  වන සම්පත් හ පරිසර අමාත්‍යාංශයේ ලේකම් එන්.පත්මනාදන් “නොවටිනා වශයෙන් පවත්නා කැලෑ ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කිරීම පිණිස‘‘ උත්සහ කළා. ප්‍රා දේශීය ලේකම්වරුන්ට දැන් පුදුමාකාර විදිහට දේශපාලන බලපෑම් එල්ල වෙනවා.  ඔවුන්ට තනියෙන් වනාන්තර රකින්න බෑ. දේශපාලනඥයෝ ඉඩම් බෙදා දෙන්න බලපෑම් කරනවා. බහුජාතික සමාගම්වලට රට පුරාම ඉඩම් කුණු කොල්ලයට ලබා දෙන්නට කටයුතු කරනවා.

බල ලෝභයයි, ධන ලෝභය යි රටේ ස්වභාවික සම්පත් විනාශ කරමින් සිටිනවා.  මෙය වැලැක්වීම සඳහා සියළු දෙනා මැදිහත් විය යුතු යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

RSL

Related Posts