මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Spread the love

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය.

එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත.

එම රෝගීයා මියයාමට ආසන්නම හේතුව වශයෙන් කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 24 වන කොවිඩ් -19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී සිදුවූ ඇද වැටීමකින් හිසට සිදු වී ඇති බරපතළ හානි සහිතව පසුගිය 02 වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු ඊයේ (03) මියගොස් තිබේ.

අද (04) දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

කෙසේ වුවද මිය යාමට බලපෑ ආසන්නතම හේතුව අනුව එම මරණය කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

RSL

Related Posts