මෙරට දිළිඳුභාවය සියයට 7.5 දක්වා අඩුවේ

Spread the love

මෙරට දිළිඳුභාවය පසුගිය වසර 10 ඇතුළත සියයට 24 සිට සියයට 7.5 දක්වා අඩුවී ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එය සියයට 16.5 ක අඩුවීමක් බව සමෘද්ධි අධිකාරිය පවසයි.
පසුගිය වසර පහ ඇතුළතදී පවුල් 43000 ක් අඩු ආදායම් මට්ටමේ සිට වැඩි ආදායම් මට්ටමට පත්වී සිටින බව ද වාර්තා වෙයි. ඒ අනුව මෙම පවුල් 43000 ම සමෘද්ධි ආධාරවලින් ඉවත් වී තිබෙන බව සමෘද්ධි අධිකාරිය පවසයි.
මේ අතර සමෘද්ධි වැඩ සටහනට අනුබද්ධව ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන් 343663 ක් අරඹා තිබේ. ඒ සඳහා රුපියල් දස ලක්ෂ 1917 ක් වැයකර ඇත. රාජ්‍ය අනුමැතිය ඇතිව දැනට සමෘද්ධි බැංකු 1092 ක් ඇතිකර තිබේ. 2006 – 2011 දක්වා සමාජ සංවර්ධන ව්‍යාපෘති 530485 ක් ආරම්භ කර ඇති අතර ඊට වැයකර ඇති මුදල රුපියල් දස ලක්ෂ 14901 ක් වේ.
ආර්ථික සංවර්ධනයට සෘජුව දායක වන පරිදි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට 2005 සිට 2010 දක්වා ව්‍යාපෘති 128815 ක් අවසන් කර ඇති අතර ඒ සඳහා රුපියල් දස ලක්ෂ 5890 ක් වැයකර ඇත.
ආර්ථික සංවර්ධනයට සෘජුව දායක වන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සමෘද්ධි වැඩසටහනේ මූලික කාර්යයකි.

RSL

Related Posts