මුළු පාර්ලිමේන්තුවම එක්ක තනියෙන් විවාද කරන්න ජවිපෙ හදුන්නෙත්ති ලෑස්තියි..!

Spread the love

මුළු පාර්ලිමේන්තුවම පැමිණියත් විවාද කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එම පක්ෂ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් හෙතෙම පැවසුවේය.

නමුත් පළමුව පැවැත්විය යුත්තේ සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක අතර විවාදය බවත් ඊට පසුව ආර්ථික කමිටු විවාදයද කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

එසේ නැතුව තම පක්ෂයේ ආර්ථික කමිටුව විවාද කිරීමට බැරිකමක් නැති බවද ඒ මහතා තවදුරටත් පැවසුවේය

Related Posts