මැදපෙරදිග දේශපාලනික අර්බුදය හේතුවෙන් මෙරට තේ අපනයනයට සිදුව ඇති අහිතකර බලපෑම

Spread the love

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි අහිතර බලපෑමක්‌ එල්ල වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මුළු තේ අපනයනයෙන් සියයට 50 ක්‌ පමණ අපනයනය කරන්නේ මැදපෙරදිග කලාපයට වන අතර මින් ඉරානය, ඉරාකය, සිරියාව සහ ලිබියාව වැනි රටවල උත්සන්න වූ දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් මේ අහිතකර තත්ත්වය උද්ගත වී ඇතැයි පෙන්වා දෙන තේ අපනයනකරුවන් 2011 වසරේ පළමු මාස හයේදී ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග කලාපයට අපනයනය කළ තේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 300 ක්‌ පමණ වන අතර පළමු මාස හයේදී මින් මැදපෙරදිග කලාපයට අපනයනය කළ හැකිවී තිබෙන්නේ තේ කිලෝ ග්‍රෑම් මිලියන 55 ක පමණ අඩු ප්‍රමාණයකි. මේ තේ අපනයන ආදායම් පවා බැංකු ක්‍රමය හරහා ලබා ගැනීමේ දී ගැටලු මතුවී ඇතැයි ද තේ අපනයනකරුවෝ කියා සිටිති.

RSL

Related Posts