මැතිවරණය තුළ රනිල් වික්‍රමසිංහ නායකත්වය රැකගැනීමේ අරඟලයක යෙදී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04 ඔක්.) පැවති මාධ්‍ය හමුවකදීය.
“මේ මැතිවරණ විසිතුන තුළත් රනිල් වික්‍රමසිංහ මහත්මයා තම නායකත්වය රැක ගැනීමේ මහා අරගලයක යෙදිලා තියෙනවා. මේ මැතිවරණ විසිතුනේ ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත්වන ඊළඟ පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ල සඳහා ඉඩකඩක් සහ අවස්ථාවක් බව එතුමා වාගේම එතුමාට නායකත්වයට විරුද්ධ පිරිස් එක්සත් ජාතික පක්ෂය තුළ දරන්නා වූ කාරණයකි”
- Monday
- January 20th, 2025