මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ කිහිපයකට නීතිපති අනුමැතිය

Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.

කොවිඩ් 19 තත්ත්වය යමතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව  සෞඛ්‍යමය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර එය රෙගුලාසි බවට පත් කිරීම සදහා රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු බවත් මේ සදහා නීතිපති අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මාර්ගෝපදේශ නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කර ඇති බවත් ඇය වැඩි දුරටත් සදහන් කළා.

RSL

Related Posts