මහජන විමසීම් වලට සතියක් තුළ පිළිතුරු ලබාදිය යුතුයි

Spread the love

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් සංගත තත්ත්වය සහ ඉන්පසු ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

ඒ අනුව ජනතාව සිය ගැටලු ඉදිරිපත් කරමින් යොමු කරන ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩනමින් පිළිතුරු ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරින් බැඳීසිටින බවත් එම යොමු කරන ලිපි සඳහා වහාම අවශ්‍ය පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් සතියක් ඇතුළත ලිපිය ලද බවට වන පිළිතුරු ලිපියක් හෝ ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් වනවා.

සති 04ක් ඇතුළත අවසන් පිළිතුරු යැවීමට කටයුතු කළ යුතු බව අදාළ චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

Related Posts